Featured News

Video Gossip

Advertisement

වන සංරක්ෂණ නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ඉල්ලයි.

එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පවසන්නේ මීගමුව කඩොලාන ශාක පද්ධතිය රැක ගැනීම සම්බන්ධයෙන් සෘජුව සිය විරෝධතාව දැක්වීම නිසා ඇය වෙත තර්ජන එල්ල වීමේ දැඩි අවධානයක් පවතින බවයි. මේ නිසා ඇයගේ රැකියාවේ සුරක්ෂිත භාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බව ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි.

එම සිදුවීම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ ඊයේ (12) පස්වරුවේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඒ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවේදී ද ඇයගේ ආරක්ෂාව අනතුරේ පවතින බව පිළිගනිමින් “අනූ නමයෙන් බේරුණේ. මමයි බේරාගත්තේ නැත්තං එයාට ගහනවා ” යනුවෙන් ප්‍රකාශයක් කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

එම ප්‍රකාශය වන සංරක්ෂන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය වෙත අනියමින් එල්ල කළ බලපෑමක් බව ද සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙයි. මේ නිසා සිව්දරු මවක් වන දේවානි ජයතිලක මහත්මියගේ ආරක්ෂාව .තහවුරු කිරීම මේ මෙහොතේ රජයේ වගකීමක් වන බව ආරියංවංශ මහත්මියගේ අදහසයි.

මේ සම්බන්ධයෙන් ගරු ජනාධිපතිවරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ලිඛිතව ඉල්ලිමක් කර ඇති බවද ආරියවංශ මහත්මිය සඳහන් කරයි. මෙම සිදුවීම සම්බන්ධයෙන් දේවානි ජයතිලක මහත්මියගේ වෘත්තිය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව වහා තහවුරු කළ යුතු බව එම ලිඛිත ඉල්ලීමෙහි දැක්වෙන බව ඇය සඳහන් කළාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements