Featured News

Video Gossip

Advertisement

උසස් පෙළ පන්ති සදහා සිසුවියන් ඇතුළත් කිරීමේදී නුගේගොඩ අනුලා විද්‍යාලයේ විදුහල්පතිනිය සිදුකල බවට පැවසෙන අක්‍රමිකතා රැසක් පිළිබදව කරුනු හෙළිවීමෙන් පසු අදාල විගණනය සිදුකල නිලධාරීන්ට බලපෑම් කරමින් සිය හිතවත් දෙමාපියන් යොදවා පාසල ඉදිරිපිට උද්ඝෝෂණ පැවැත්වු විදුහල්පතිනි ජයනි ප්‍රිශංගිකා වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත් කර පරීක්ෂණයක් සදහා යොමු කර තිබේ.
ඇය වෙනුවට කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අනුලා විද්‍යාලයට පත්කර එවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.

අනුලා විද්‍යාලයේ විදුහල්පතිනි ජයනි ප්‍රිශංගිකාට එල්ල වූ මූල්‍යමය අක්‍රමිකතා ඇතුලු චෝදනා රැසක් සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව මාස 02 කට අධික කාලයක් විමර්ශනයක් සිදුකරනු ලැබු අතර එහිදී ඇය ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට ප්‍රමුඛතාව දෙමින් කිසියම් හෙළි නොවූ ගනුදෙනුවක සැකයක් ඉතිරි කරමින් උසස් පෙළ පන්ති සදහා සිසුවියන් පාසලට ඇතුළත් කර ඇති බව ඇතුළු අක්‍රමිකතා රැසක් හෙළි විය.

ඇයව බේරාගැනීම වෙනුවෙන් ආදි ශිෂ්‍යා සංගමයේ කොටසක්ද ඇය වෙනුවෙන් මහපාරේ උද්ඝෝෂණය කරේ විගණනය කළ අය හා මාධ්‍ය නාලිකා දූෂිත බව කියමිනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements