Advertisement

අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි.
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා

ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.
සම්බුදු තෙමගුල සිහිපත් කරන
වෙසක් පොහොය දිනය අදයි


දීපංකර සම්බුදුරජාණන් වහන්සේ රඹගම් නුවරට වැඩමවද්දි අෂ්ට සමාපත්ති උපදවාගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ සාදා නිමකිරීමට නොහැකි වූ මහමඟ බිම ඒ දණ්ඩක් බවට පත්කර සිට ඒ බුදුරජුන්ට මලින් පිදූහ. දිවැස් යොමු කළ උන්වහන්සේ ඒ සුමේධ තාපසයාණන් අනාගතයෙහි ගෞතම නමින් බුද්ධත්වයට පත් වන බව නියම කොට ප්‍රථමවරට නියත විවරණ දෙන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනයකය. දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළ බෝසතාණෝ දඹදිව කපිල වස්තු නම් නුවර පාලනය වන විට සුද්ධෝදන රජතුමාගේ අගබිසව වූ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් ලුම්බිණි සල් උයනේ දී මව්කුසින් බිහි වූයේ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනකය.

 
හිටපු කතානායක කරූ ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ප‍්‍රවෘති නිවේදනයයි

හිටපු කථානායක කරු ජයසූරිය මහතා පසුගිය මහ මැතිවරණ සමයෙහි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත‍්‍රික් අපේක්ෂකයෙක් ප‍්‍රවර්ධනය කිරීමට කටයුතු කිරීමක් පිළිබඳව කිසියම් පිරිසක් විසින් සඳහන් කළ බවට මාධ්‍යන් හි පළව ඇති ප‍්‍රවෘතියට අදාලව කරුණු පැහැදිළි කිරීමයි.

කරු ජයසූරිය මහතා කථානායක ධුරයෙන් සමුගත් පසුව දෙදරා යමින් තිබූ එක්සත් ජාතික පක්ෂය සමගිකරවීමට අප‍්‍රතිහත ධෛර්යයෙන් යුතුව විශාල උත්සාහයක් දැරූ බව කිසිවෙකුට රහසක් නොවේ.
ආණ්ඩුවට තනිවම පාර්ලිමේන්තුව කරගන්නට ඉඩ දී විපක්ෂය ඉවත් වී යනවා
කිරිඇල්ල කියයි

පාර්ලිමේන්තුවේ විවාදයන් සඳහා කාලය වෙන් කිරීම සම්බන්ධයෙන් වූ ගැටලුකාරී තත්ත්වයක් මත පළමු පක්ෂ නායක රැස්වීම දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමේදී විපක්ෂයේ නියෝජිතයන් විසින් තමන්ට වැඩි කාලයක් දෙන්නැයි ඉල්ලා තිබේ.

සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තු විවාද වල දී විපක්ෂයට වැඩි කාලයක් ලබාදෙන නිසා මෙවරද විපක්ෂයට 60% සහ ආණ්ඩු පක්ෂයට 40% ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්‍ෂ නියෝජිතයින් ඉල්ලා තිබේ.
විශ්ව ශක්ති වෙළෙන්දා හෙවත් කැලුම් වීරසිංහ
 "අරක සැකයි, මේක සැකයි"

තමන් විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කරන බවට පවසා අසරණ ලෙඩුන්ගෙන් මුදල් ගරාගෙන, ඒ මුදල් ගිනි පොළියට ආපසු ණයට දුන් කැලුම් වීරසිංහ නම් පොළී ජාවාරම්කාර හොර වෙදා යළිත් වරක් උසාවිය නොමග යැවීමේ උත්සාහයක නිරත වන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග දන්වා සිටියි.

සම්පත් බැංකුවේ තලාහේන ශාඛාවේ සිදු වූ මුදල් ගනුදෙනු කීපයක් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහෙයවන පරීක්ෂණය අද (30) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නාටකය රඟදක්වා තිබේ. 
JR මුත්තාගේ ව්‍යවස්ථා ගැටය
සජිත්ට පාටලීගේ මාර්ගයෙන් දුන්න දිරච්ච ලණුව

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවක 2/3 මන්ත්‍රීධූර සංඛ්‍යාවක් ලබාගැනීම අපහසු කාර්‍යක් නොව කල නොහැකි කාර්‍යකි. JR මුත්තාගේ ව්‍යවස්ථා ගැටය ඒ තරම්ම තද බැවු දේශපාලන මලපොතේ අකුරු කියවූ සෑම දෙනාම පාහේ දන්නා කාරණයකි. 2010 වසරේ 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් එවකට අතිශයින් ජනප්‍රිය රටෙහි යුධගිනි තනිව නිමා දැමුවැයි කියූ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාට ලබාගත හැකිවූයේ ආසන 144 ක් පමණි. එවකට එසේනම් දෙවරක් ජනපති කර දෙවරක් අගමැති කර වසර ලබාගත නොහැකිවූ දෙයක් ගන්නට දැන් වයෝවෘද්ධ මහින්ද රාජපක්ෂට 2/3 තබා බහුතරය ලබාගැනීමත් දුශ්කර බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෲවරයා වන බැසිල් රාජපක්ෂට අමුතුවෙන් ගනන් හදා බැලිය යුතු නැත. 
සිද්ධිය පිළිබඳව විනය පරීක්‍ෂණයක්
ලක්‍ෂ 20 කට ඉඩමක් නැතිවූ අයගේ පවුලේ සාමාජිකයන්ට කුසල්ගෙන්

ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් පැදවූ මෝටර් රථය අනතුරට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විනය පරීක්‍ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව දැනගන්නට තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු රැස්වීමක් ක්‍රිකට් මූලස්ථානයේදී (27) පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර එහිදී මෙම පරීක්‍ෂණය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතව බව වාර්තා වේ.

ක්‍රීඩකයන් මෙවැනි සිද්ධීන්වලට මුහුණ පෑමෙන් ක්‍රිකට් ක්‍රීඩාවට, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සහ සෙසු ක්‍රිකට් ක්‍රීඩකයන්ට අගතියක් වන්නේයයි ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ අදහස බවට පත්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සමගි ජන බලවේගය පක්ෂයෙන් ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා බාරදුන් සාමාජිකයින් 54 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමැතිය දී තිබේ.
ආන්දෝලනයකට ලක්ව ඇති කුරුණෑගල නගරය මධ්‍යයේදී ගොඩනැගිල්ල බුවනෙකබා රාජ සභාවක් නොවන බව වයඹ පලාත් ප්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය රැකව ජිනරතන හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම සිදුවීම පාදක කරගෙන දේශපාලන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවේ සිටින සියලු දෙනා බූරුවන් හා අශ්වයන් යයි සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපේක්ෂිකාවක් තමන්ගේ අදහස විමසා එවා තිබූ බව හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ඇතැම් අය තුළ වැරැදි මතයක් තියෙනවා
ඒවා ඉතින් ස්වභාවදහමේ නියමයන් එක්ක වෙන්න තියෙන වෙලාවට වෙයි

මේ දවස්වල මොකද වෙන්නේ?

මේ දවස්වල චරිත් අබේසිංහගේ "තාදී" ටෙලි නාට්‍යයේ ඉන්නවා. ඒ වගේම හිරු නාළිකාවේ විකාශය වෙන සනත් අබේසේකරගේ මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ ඉන්නවා. ගීත දෙකක වැඩ කරගෙන යනවා. එක ගීතයක වීඩියෝ එක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව යූ ටියුබ් නාළිකාවට තමයි වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. ගෙදර අය එකතු වෙලා තමයි ඒක කරන්නේ. මිලාන්, ඉරෝෂන් මල්ලී, චූටි මල්ලී, ජීවන්, අප්පච්චි මට උදවු කරනවා. කථිකාචාර්යවරියක් විධියටත් වැඩ කරනවා. රූපවාහිනී වැඩසටහන්වලටත් සම්බන්ධ වෙනවා. ඉතින් ඒ වැඩකටයුතු කරගෙන ඉන්නවා.

මේ දිනවල ඔබේ රංගන දායකත්වය ලබාදෙන ටෙලි නාට්‍යවල ඔබේ චරිත ස්වභාවය පැහැදිලි කළොත්?

මහවිරු පණ්ඩු ටෙලි නාට්‍යයේ මම කුමීගේ චරිතය කරන්නේ. කුමීගේ දරුවා තමයි උන්මාද චිත්‍රාගේ දරුවා වෙනුවට දෙන්නේ. තාදී ටෙලි නාට්‍යයේ මදාරාගේ චරිතය කරන්නේ. රහස් ඔත්තු සේවයට සම්බන්ධ ටිකක් වෙනස් චරිතයක්. 
ජාතික සමගි ජන බලවේගයේ සජිත් සහ පාඨලි චම්පික රණවක අතර ගැටුමක් හටගෙන ඇති බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් එජාප අපෙක්ෂක නවින් දිසානායක මහතා පැවසිය.

නවින් දිසානායක මහතා එ බැව් කියා සිටියේ කොත්මලේ තිස්පනේ ප්‍රදේශයේ (20) දින පැවති මැතිරවරණ ප්‍රචාරක කටයුත්තකට සහභාගි වෙමින්.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු නවින් දිසානායක මහතා කියා සිටියේ
තම ආණ්ඩුවක් යටතේ මෙරට සියලු වතුකම්කරුවන් වතු හිමියන් බවට පත්කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තම රජය වතුකම්කරුවන් දුප්පත්කමෙන් මුදා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බවද ඔහු පැවසීය.
දරුවන්ට අගතිදායකයි

ඉදිරි මාස දෙක තුළ හඳුන්වාදීමට නියමිත නව ඩිජිටල් උප්පැන්න සහතිකයේ දෙමව්පියන් විවාහක ද, නැද්ද යන්න කොටස ඉවත් කර ඇති බව රෙජිස්ටාර් ජනරාල් එම්.සී. විතානගේ ප්‍රකාශ කළා.
රට යලිත් Lockdown කරන්න වෙයි

කොරෝනා වෛරස ආසාදිතයෙකු නොදැනවත්වම සමාජයේ සිටියහොත් ඔහුගෙන් වෛරසය සමාජයට සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් ඇති බවත් වසංගත රෝග විද්‍යා අංශය ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
කොරෝනා ආසාදිතයන් සාමාන්‍ය සමාජයෙන් හමු වීමේ අවදානමක් ඉදිරි දිනක කිහිපයේදී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

මේ නිසා සියලු ජනතාව සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම අනුගමනය කරන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කල පිටබැද්දර පදිංචි යුධ හමුදා සාමාජිකයාට කොරෝනා වෛරසය ආසාධනය වී තිබෙන බව පී.සී.ආර්.පරික්ෂාවක දී තහවුරු වී ඇත.

ඔහු සැක සහිත රෝගීයෙකු බවට හදුනා ගැනීමත් සමග පවුල් කිහිපයකට අයත් පුද්ගලයින් 26 දෙනෙකු ස්වයං නීරෝධායනයට ලක් කර ඇත.
බැඳුම්කර වංචාවට රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයාගේ නමද ගෑවීලාසාක්ෂි මෙන්න

රවී කරුණානායක මුදල් ඇමතිව සහ අර්ජුන් ඇලෝසියස් මහ බැංකුවේ අධිපතිව සිටි සමයේ සිදු කළ වංචාකාරී බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ ජනාධිපති කොමිෂන් සභාවේදී විවිධ දේශපාලනඥයන්ගේ නම් ගම් එළියට පැමිණි අතර රවී කරුණානායක මහතාට සිය ඇමති ධුරයෙන් ඉවත්වීමට පවා සිදු විය.

මන්ත්‍රීවරු පස්දෙනෙකු සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සභාපතිත්වයෙන් යුත් කෝප් කමිටුවේ පරීක්ෂණය යන අතරතුර අර්ජුන් ඇලෝසියස් සමග සෘජුවම දුරකථන සංවාද පවත්වා ඇති බවද ලිඛිත තොරතුරු සහිතවම වාර්තා විය.

ඒ සියළු කරුනු අතරේ මේ වනවිට කෝප් වාර්තාවෙන් තවත් නමක් එළියට පැමිණ තිබේ. ඒ හිටපු පාර්මේන්තු මන්ත්‍රීවරියක මෙන්ම, ඇමතිවරියකද වූ රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා පිළිබඳවය.
ෆේස්බුක් ඇතුළු සමාජජාල ඔස්සේ සහ යූ ටියුබ් චැනලය ඔස්සේ බොරැල්ලේ සිරිසුමන හිමි සමලිංගිකයකු බවත් මත්පැන් පානය කරන්නකු බවත් රූපලාවණ්‍ය කටයුතු කරමින් සල්ලාල ජීවිතයක් ගෙවන්නකු බවටත් හුවා දක්වමින් ප්‍රසිද්ධ කළ වීඩියෝව සම්පූර්ණ අසත්‍ය කරුණු ඇතුළත් පදනම් විරහිත වීඩියෝවක් බවට සඳහන් කරමින් එම හිමියන් ප්‍රසිද්ධ ගායකයකු වන ඉරාජ් වීරරත්න යන අයට එරෙහිව එන්තරවාසියක් යොමු කර තිබෙනවා.
ජනාධිපති විදේශ කටයුතු අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කරන ජයනාත් කොළඹගේ මහතා ‘පාත්ෆයින්ඩර්’ සංවිධානයේ බැරෑරුම් කාර්යක නිරත වන්නෙක් යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා පවසයි.

මිලින්ද මොරගොඩ මහතාගේ මැදිහක්විමෙන් පිහිටුව ඇති පාත්ෆයින්ඩර් ආයතනය ඔත්තු සේවා සංවිධානයක් බවත් එය ඔත්තු සේවා ක්‍රියාවලියක් සදහාම බිහි කරන ලද්දක් බවත් ඔහු සදහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements