Featured News

Video Gossip

Advertisement

තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීලා
සිසුවිය හැඳසිටි බවට සැකකරන යට ඇඳුමත් හසුවෙලා
අනුරාධපුර නගරාසන්නයේ පිහිටි මිශ්‍ර පාසලක දැනට පාළුවට ගොස් ඇති තෙමහල් ගොඩනැඟිල්ලක පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටින අයුරු එම පාසලේ ගුරුවරියක (නියෝජ්‍ය විදුහල්පතිනිය) දුටු නිසා සිසුවා එල්ල කළ දරුණු පහරක් හේතුවෙන් ඇය සිහිසුන්ව අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අදාළ සිදුවීම විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින් වසන් කර ඇති බව විද්‍යාලයීය ආරංචි මාර්ග සඳහන් කළා.

තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිනියත් අනුරාධපුර රෝහලේ පිහිටි රෝහල් පොලිසියට වෙනත් අසත්‍ය ප්‍රකාශයක් ලබාදී තිබෙන බවත් වාර්තා වනවා. අදාළ විද්‍යාලයේ වාර්ෂික නිවාසන්තර ක්‍රීඩා තරගාවලිය සඳහා පුහුණුවීම් සිදුවෙමින් පවතිද්දී මෙම සිදුවීම සිදුවි තිබෙන අතර නියෝජ්‍ය විදුහල්පතිනියගේ හිසෙහි බරපතළ පැළුම් තුවාලයක් ඇති බවද අනාවරණය වනවා.

සිද්ධිය වූ දිනයේ නියෝජ්‍ය විදුහල්පතිනිය විද්‍යාලයේ සංචාරයක නිරතවෙමින් සිටියදී දැනට අඩක් නිමකර ඇති තෙමහල් ගොඩනැඟගිල්ලේ ඉහළ මහලයේ යම් ශබ්දයක් ඇසීම නිසා එම ස්ථානයට ගොස් ඇති අතර ඒ අවස්ථාවේ ඇයට දෑස් අදහා ගැනීමට නොහැකි අන්දමින් පාසල් සිසුවියක හා සිසුවකු අඹු සැමියන් ලෙස හැසිරෙමින් සිටින අයුරු දැක තිබෙනවා.

ඇය එම ස්ථානයට යනවාත් සමඟම පාසල් සිසුවා විදුහල්පතිනිය එන බව දැක ඇයට බිම ඇදවැටෙන ආකාරයට වැරෙන් තල්ලු වන අන්දමේ පහරක් එල්ලකර ඇති අතර එම පහරෙන් බිම ඇදවැටී හිස පුපුරා යෑමෙන් සිහිසුන්ව වැටී තිබෙනවා.

ඇගේ වාසනාවට මෙන් ශිෂ්‍ය නායිකාවක් සුළු වේලාවකදී එහි පැමිණ තිබෙන අතර සිහිසුන්ව ලේ ගලමින් සිටින නියෝජ්‍ය විදුහල්පතිවරිය දුටු සිසුවිය වහාම ඒ සම්බන්ධයෙන් විදුහලේ සිටි ගුරුවරුන් හා සිසුන් පිරිසකට දන්වා ඇය රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබුණා.

අදාළ ස්ථානයේ තිබි සිසුවිය හැඳසිටි බවට සැකකරන යට ඇඳුමක් විද්‍යාලයේ ගුරුවරුන්ට හමුවී තිබෙනවා.

විද්‍යාලයේ විදුහල්පතිවරයාට පාසල තුළ සිදුවන අකටයුතුකම් පිළිබඳව කිසිදු අවධානයක් නොමැති බව සිද්ධිය සැලවූ මවුපියෝ කියා සිටිනවා.

යම් හෙයකින් ඇය අධික වේලාවක් එම ස්ථානයේ සිහිසුන්ව සිටියේ නම් අවාසනාවන්ත මරණයක් පවා සිදුවීමට ඉඩතිබූ බව ඔවුහු පවසනවා.

මෙම සිද්ධියට සම්බන්ධ වූ දැරිය හා සිසුවා විද්‍යාලයේ අටවැනි ශ්‍රේණියේ හා දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන්නන් බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements