Featured News

Video Gossip

Advertisement

සුදු ඉරි අඳිමින් සිටි සේවකයින් පෙරළාගෙන වාහනය ධාවනය කරලා
පලා යාමට උත්හ දැරීමේදී මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් ඔහු අල්ලා ගෙන පොලිසියට භාර දීලා

රංගන ශිල්පී කාවිංග පෙරේරා බීමතින් රිය පදවා අනතුරට ලක් කර ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවා තිබෙනවා.

ඒ, මියගිය අයගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස අගතියට පත් පාර්ශ්වය කළ ඉල්ලීමට අනුවයි.

ඊයේ (19) අලුයම 12.45 ට පමණ තලංගම, කලල්ගොඩ වෙලේකඩේ හන්දිය ප්‍රදේශයේදී මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත් සේවකයන් කිහිප දෙනෙකු පාරේ සුදු ඉරි අඳිමින් සිටි අතර අධික බීමතින් රිය පැදවූ කාවිංග තලවතුගොඩ සිට පන්නිපිටිය දෙසට සිය වාහනය ධාවනය කරමින් සිටි බවයි පොලිසිය සඳහන් කරන්නේ.
ඔහු පැමිනි අධික වේගය නිසා පාරේ බාධක ලෙස සිටුවා තිබූ කෝන් කිහිපයක්ද තල්ලු කරගෙන සුදු ඉරි අඳිමින් සිටි සේවකයින් පෙරළාගෙන වාහනය ධාවනය වී තිබෙනවා.


අනතුර නිසා සේවකයෙකු හැපුණ බව කාවිංග දැනගෙන වාහනය සුළු මොහොතකට නැවතූවද ඔහු වහා එම ස්ථානයෙන් පළායාමේ අටියෙන් වාහනය පණගන්වා ධාවනය කළ බව වාර්තා වනවා. මේ අවස්ථාවේ අවට සිටි පිරිස් හා මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් ඔහු අල්ලා ගෙන පොලිසියට භාරදී තිබුණා.

පොලිස් අත්අඩංගුවට ගත් සැකකරු මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කර හා ශ්වසන නළ මඟින් කළ පරික්ෂාවේදී මත්පැන් පානය කර සිටින බවට අනාවරණය වූ බව පොලිසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගත් රංගන ශිල්පි කාවිංග පෙරේරා ඊයේ කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 03 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

මියගිය සේවකයා මීගහතැන්න, වෙලපහළ පදිංචි වසන්ත උදය කුමාර 42 නමැති අයයි.

කාවිංග උසාවියට ඉදිරිපත් කළ අවස්ථාවේ ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඇප අයදුම් කළද අගතියට පත් පාර්ශ්වය ඇප ලබාදෙනවාට විරුද්ධ වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements