Advertisement

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර ඉතා තීරණාත්මක හමුවක් පැවැත්වී ඇති බව ‌දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

බැසිල් රාජපක්ෂ මහතා ඉකුත් සදුදා (03) දින දිවයිනට පැමිණිමෙන් පසු තිදෙනා අතර ‌මෙම රහස් හමුව පැවැත්වී ඇති බව වාර්තා වනවා.

මෙහිදී ඉදිරියේදී ‌පොහොට්ටුවේ ප්‍රධානත්වයෙන් බිහි කිරීමට නියමිත ‌පොදු සන්ධානය පිළිබදවත්, එහි ව්‍යුහය පිළිබදවත්, ඉදිරි මහ මැතිවරණය පිළිබදවත් ඉතා තීරණාත්මක තීන්දු තීරණ රැසක් ‌ගෙන ඇති බවක් දැනගන්නට තිබෙනවා.

එමෙන්ම මහමැතිවරණය ‌මෙහෙයවීමේ වගකීම සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ‌වෙත පැවරීමටද ‌‌මෙහිදී තීන්දු වී ඇති බවයි වාර්තා වන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements