Featured News

Video Gossip

Advertisement

හිටපු ජනාධිපතිවරයා පාස්කු ඉරිදා ප්‍රහාරය දැනසිටි බවට වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සුදානම් වන බවට වාර්තා වන නිසා එය මැතිවරණයට දැඩිව බලපාන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සඳහන් කර තිබෙනවා.

මේනිසා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොහොට්ටුව ලකුණ යටතේ කිසිසේත්ම නාමයෝජනා ලබා නොදිය යුතු බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් පිරිසක් සිය පක්ෂ නායකත්වය වෙත දැඩි විරෝධය පළ කර ඇති බව වාර්තා වනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසරක් සපිරෙන ආසන්නයෙහි මහමැතිවරණය පැවැත්වීමට නියමිතව ඇති හෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ එකම වේදිකාවකට ගොඩවීම යනු සියදිවි නසා ගැනීමක් බවයි ඔවුන් තරයේ අවධාරණය කර ඇත්තේ.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පසුගිය ජනාධිපතිවරණයේදීත් එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ජනමතය ගොඩනැංවීම සඳහා භාවිතා කෙරුණ ද මේ වනවිට හෙළිදරව් වී ඇති කරුණු අනුව එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ අනතුරු හැඟවීම් ගැන සම්පූර්ණයෙන් දැනුවත්ව සිටියදීත් එය වළක්වා ගැනීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති හෙයින් තත්වය ඉතාම බරපතළ බව ඔවුන් විසින් පක්ෂ නායකත්වය පෙන්වා දී ඇති බව සඳහන්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements