Featured News

Video Gossip

Advertisement

තායිලන්තයේ හමුදා නිලධාරියකු විසින් දිගින් දිගටම වෙඩි තැබීම නිසා බැංකොක් නුවරට ඊසාන දිගින් පිහිටි නගරයක වැසියන් පහළොස් දෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වනවා.

ඔහුගේ මෙම වෙඩි තැබීම අන්තර්ජාලය ඔස්සේ සජීවීව විකාශය කෙරෙමින් තිබූ බවට වාර්තා වන බවද පොලිසිය සඳහන් කළා.

“තුවක්කුකරුවා ස්වයංක්‍රීය ගිනිඅවියක් යොදගනිමින් හතර අතේ අහිංසකයන්ට වෙඩි තිබ්බා… විශාල පිරිසක් තුවාල ලැබුවා. සමහර අය මැරුණා” යයි පොලිස් ප්‍රකාශකයෙක් ප්‍රංශ ප්‍රවෘත්ති සේවයට පවසා තිබුණා.

බැංකොක් නගරයට ඊසාන දෙසින් පිහිටි කොරාට් නගරයේදී මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර තුවක්කුකරුවා සැරයන් මේජර් ජකාපනාත් තොම්මා යයි හඳුනාගෙන තිබෙනවා.


හමුදා වාහනයක් සොරාගත් ඔහු යුද ඇඳුමෙන් සැරසී එහි ඡායාරූප සහ වීඩියෝ ද අන්තර්ජාලයට මුදාහැර තිබුණා.

වීඩියෝපටවලින් දක්නට ඇත්තේ වෙඩිතැබීමෙන් මහත් කලබලයට පත්වන මිනිසුන් හතර අතේ දිවයන ආකාරයයි.

මේ වන විට ඔහු එම සාප්පු සංකීර්ණයේ බිම් මහලේ සැඟව සිටින බවයි තායිලන්ත ආරක්ෂක අංශ සඳහන් කරන්නේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements