Featured News

Video Gossip

Advertisement

පාතාල සාමාජිකයකු වන කංජිපානි ඉම්රාන් නමැත්තා වෙනත් බන්ධනාගාරයකට ස්ථානමාරු කර නොහරින ලෙසට මරණ තර්ජනය කරමින් ඉන්දියාවේ සැඟවී සිටින පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නමැත්තා ඊයේ (07) රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාට දුරකථන ඇමතුමක් ලබාදී ඇතැයි වාර්තා වනවා.

පෙරේදා (06ද) කොස්ගොඩ තාරක නමැත්තා එ බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් නමැත්තාගේ සගයකුට පහරදී ඇතැයිද වාර්තා වන අතර එකී සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර අධිකාරිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වූ විමර්ශනයකින් අනතුරුව දස දෙනකුට ආසන්න පිරිසක් බූස්ස ඇතුළු බන්ධනාගාරවලට ඊයේ පස්වරුවේ මාරුකර යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණයක් ගෙන තිබූ බවද දැනගැනීමට තිබෙනවා.

තම සගයකු වන කංජිපානි ඉම්රාන්ද වෙනත් බන්ධනාගාරයකට මාරු කර යවන බව දැනගත් විට ඉන්දියාවේ සැඟවී සිටින පාතාල නායකයකු වන අංගොඩ ලොක්කා නමැත්තා කංජිපානි ඉම්රාන් ස්ථාන මාරු නොකරන ලෙසට තර්ජනය කරමින් එකී බන්ධනාගාර අධිකාරිවරයාට එසේ දුරකථන ඇමතුමක් ලබාදී ඇති බවද වැඩිදුරටත් වාර්තා වනවා.

බන්ධනාගාර අධිකාරිවරයාට ඔහු මරණ තර්ජන කර ඇති බවයි වාර්තා වන්නේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements