Advertisement

චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවර මාරක වයිරසයක් පැතිර යන බවත්, එය වේගයෙන් පැතිරෙනු ඇති බවත් පළමුවෙන් ලොවට අනතුරු ඇඟවූ චීන මාධ්‍යවේදීන් දෙදෙනාගෙන් කෙනකු අතුරුදන් බව චීන මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

සමාජ මාධ්‍ය යොදා ගනිමින් නව වයිරසය ගැන ලොවට පළමුවෙන් අනාවරණය කළේ චෙන් කියුෂී සහ පැෆ්ග් බින් දෙදෙනායි.මොවුන් දෙදෙනා වූහාන් නුවර පුරවැසි මාධ්‍යවේදීන් දෙදෙනකි. අතුරුදන් බව පැවැසෙන්නේ චෙන් කියුෂීයි.

වයිරසය සම්බන්ධයෙන් පළමුවෙන්ම වූහාන් වැසියන්ටත්, වූහාන් නුවර පිහිටි හුබෙයි පළාතේ සෞඛ්‍ය බලධාරීන්ටත් අනතුරු ඇඟවූයේ අක්ෂි වෛද්‍යවරයෙකි. ඔහු ලී වෙංලියැං ය. පසුගිය 7 වැනිදා වෛද්‍ය ලී වෙංලියැං මියගියා.

වෛද්‍ය ලී වෙංලියැං, වයිරසය ගැන පළමුවෙන් අනතුරු ඇඟවූයේ පසුගිය දෙසැම්බර් මාසයේයි. ඒ වනවිට එය වූහාන් නුවර පැතිරෙන්න පටන් ගෙන තිබුණේ නැහැ.කෙසේ නමුත් බලධාරීන් ඔහුට කන් නොදුන් අතර, ජනතාව බොරුවට බය කරනවා යැයි චෝදනා එල්ල කළා. වෛද්‍යවරයා පොලිස් නිලධාරීන්ගේ ප්‍රහාරයකට පවා ලක් වූ බව පැවැසෙනවා.

චෙන් කියුෂී සහ පැෆ්ග් බින් පුරවැසි මාධ්‍යවේදීන් දෙදෙනා වූහාන් වයිරසය සම්බන්ධයෙන් තොරතුරු විදෙස් මාධ්‍යවලට ලබා දුන්නේ වෛද්‍ය ලී වෙංලියැං, කළ අනතුරු ඇඟවීම් නිසා යැයි ද වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements