Advertisement

ESPN CRICKINFO ක්‍රිකට් සම්මාන උළෙල ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ලෝලීන් අතර ඉතා ජනප්‍රිය අංගයකි.

එහිදී වසර පුරා ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගවලදී දස්කම් පෑ ක්‍රීඩකයන් සම්මානයට පාත්‍ර වනවා.

ශ්‍රී ලංකාවට මෙවර එය වැඩි වැදගත්කමක් එක් කරන්නේ පසුගිය වසරේ දක්ෂතා අතරට එක්වූ ලාංකීය ක්‍රීඩකයන් දෙදෙනෙක්ද එහිදී සම්මාන ලබා ගත් නිසාය.

එංගලන්ත කණ්ඩායමේ බෙන් ස්ටෝක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් ලකුණු 135 අභිබවා යමින් දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු 153 රැස් කළ කුසල් ජනිත් පෙරේරා හොඳම ටෙස්ට් පිතිකරුවාට හිමි සම්මානය ලබා ගත්තා.


එක්දින ලෝක කුසලාන අවසාන තරගයේදී නවසීලන්තයට එරෙහිව ස්ටෝක් දැක්වූ දක්ෂතා මත ඔහු හොඳම එක්දින පිතිකරුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවා.

2007 ලෝක කුසලාන තරගයකදී දී පන්දු හතරකට පිට පිට කඩුලු හතරක් දවාගනිමින් පෑ ලසිත් මාලිංග පසුගිය වසරේදී නවසීලන්තයට එරෙහිව විස්සයි විස්ස තරගයකදී එම දස්කම් නැවතත් ඉස්මතු කළා. ඒ ලකුණු හයකට කඩුලු 5ක් දවා ගනිමින්.

එම දස්කම නිසා ම ලසිත් මාලිංග විස්සයි විස්ස හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන හිමිකර ගත්තා.

ඊට අමතරව 20-20 හොඳම පිතිකරණය වෙනුවෙන් ග්ලෙන් මැක්ස්වෙල් දෙවන වසරටත් සම්මාන ලැබුවා.

13 වරටත් පැවැත්වුනු ESPNcricinfo සම්මාන උළෙලේ ජූරිය ලෙස හිටපු ප්‍රවීන ක්‍රීඩකයන් වන මයිකල් හසී, ඩැනියෙල් විටොරි, රමිස් රාජා, මාක් නිකලස් ඇතුළු පිරිසක් කටයුතු කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements