Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වන සංරක්ෂණ නිලධාරිනියගේ විරෝධය නොතකා මීගමුව කඩොලාන සහිත දූපතේ ක්‍රීඩා පිටියක් ඉදි කිරීම සඳහා මේ දිනවල පිඹුරුපත් සැකසෙමින් පවතිනවා.

ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 1දා පැවති රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තේ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ඊට තම විරෝධය පළ කළ ද එම තත්ත්වයේ වෙනසක් නොමැති බව වාර්තා වනවා.

මීගමුව කළපුවේ කොටසක් වන මෙම කඩොලාන දූපතේ අක්කරයකට ආසන්න භූමි ප්‍රදේශයක් කපා දමා ඇත්තේ පරිසර පද්ධතියට මහත් විනාශයක් කරමිනි.
අද වන විට මෙම ක​ඩොලාන පද්ධතිය ප්ලාස්ටික් බෝතල්, මිනිස් අපද්‍රව්‍ය, පොලිතින් ආදිය දමා විනාශ කර ඇත්තේ අවට පදිංචි ප්‍රදේශවාසීන් විසින්මයි.

මීගමුව කළපුවේ ඇළ මාර්ගයක්, ධීවර අමාත්‍යාංශයට අයත් කළපු සංවර්ධන ව්‍යාපෘතිය මගින් ඉකුත් වසරේදී (2019) පුළුල් කරනු ලැබුවේ ඇළ මාර්ගයේ ගැඹුර වැඩි කිරීම සඳහායි.එවිට ධීවර ඇමැතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ විජිත් විජතමුණි සොයිසා මහතායි.

ධීවරයන් ඔහුගෙන් කරන ලද ඉල්ලීමක් පරිදි කළපුවෙන් ඉවත් කරන පස් ටොන් පිටින් බැහැර කරනු ලැබුවේ කළපුවට ආසන්න කඩොලාන භුමියටයි.ගම්වාසීන්ට අවශ්‍ය වූයේ එම ක​ඩොලාන සහිත දූපත විනාශ කර එහි ක්‍රීඩාපිටියක් ඉදිකර ගැනීමයි.

වන සංරක්ෂණ දෙපාර්ත-මේන්තුවට අයත් මෙම කඩොලාන දූපතේ දිගින් දිගටම පස් බැහැර කිරීම නිසා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ධීවර අමාත්‍යාංශයේ කළපු සංවර්ධන ව්‍යාපෘතියට එරෙහිව නඩුවක් ගොනු කරනු ලැබුවා.ඊට අමතරව එම පස් යොදාගෙන ක්‍රීඩා පිටියක් සකස් කිරීමට සූදානම් වීම නිසා මුන්නක්කරයේ, ග්‍රාමීය ධීවර සංවිධානයට විරුද්ධවද නඩුවක් ගොනු කර තිබෙනවා.ම්වා

එම ප්‍රදේශයේ සිදුකරන ලද සංචාරයේදී දැකගත හැකිවූයේ විදුහලේ සිට මීටර් 200ක් පමණ දුරින් මෙම දූපත පිහිටා තිබෙන බවයි. එමෙන්ම මාර්ගයේ සිට දූපත දක්වා ඇති මීටර් 20ක් පමණ දිගැති ලී පාලම ඉතා අබලන්ය. මෙවැනි අබලන් පාලමක් මතින් ළමුන් දූපතේ ක්‍රීඩා පිටියකට ගමන් කිරීමද ඉතා අවදානම් සහගත වනවා.

කඩොලාන දූපතේ ධීවරයන් හැසිරුණේ මහත් ප්‍රකෝපකාරීවය. ‘‘අපේ දරුවන්ට ක්‍රීඩාපිටියක් නෑ. මෙතැන අපට නොදුන්නොත් මරාගෙන මැරෙනවා. පත්තරවලින් මෙතනට එනවා. නමුත් පළකරන්නේ වෙනත් දෙයක්. අපි මැරුවත් මේ පිට්ටනිය දෙන්නේ නෑ. අද මෙතැන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් වෙලා තියෙනවා. පරිසරය රැකෙන්න කලින් මිනිස්සු රැකෙන්න ඕන. කොළඹ අය ජීවත්වන්නේ කඩොලානවල ඔක්සිජන්වලින්ද’’ යනුවෙන් ධීවරයන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීනියට සිය විරෝධය දක්වනු ලැබුවා.

නමුත් මෙම දූපත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ පාරාදීසයක් බවට කියා ගොතා ඇත්තේ දේශපාලනඥයන්මයි.

ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේ කඩොලාන දූපත තුළ ක්‍රීඩාපිටියක් සකස් කරන මුවාවෙන් යම් සංචාරක ව්‍යාපෘතියක් සිදුකිරීමට බව ප්‍රදේශයේ ඇතැමුන් පවසනවා.

මීගමුව ජනඅවබෝධ කේන්ද්‍රයේ උපදේශක නීතිඥ විල්සන් බුලත්සිංහල මෙලෙස සඳහන් කළා.

‘‘මීගමුව කළපුව දීර්ඝ කාලයක සිට පාරිසරික තර්ජනවලට ලක්වී තිබෙනවා. මීගමුව කළපුව විශාල ලෙස ගොඩ කරලා. මේවා ගැන කතා කරද්දී බලධාරීන් නිහඬයි. විවිධ සංස්කෘතික කටයුතු සඳහා ක​ඩොලාන පරිසර පද්ධතිය කපා දමා තිබෙනවා. කළපු බිමට ප්ලාස්ටික්, පොලිතින් දාල. නිලධාරීන් එකිනෙකාට බෝලය පාස්කරමින් සිටිනවා. සමහර දේශපාලනඥයෝ හිතනවා පරිසරය වැදගත් නෑ කියලා.

අපි කනගාටු වෙනවා මීගමුවේ පුද්ගලයෙක් ඔක්සිජන් මොකටද කියලා කතා කිරීම ගැන. මේ දූපත කලින් හෝටලයකට අල්ලා ගන්න හැදුවා. හරිදේ පෙන්වාදෙන නිලධාරීන් වෙනුවෙන් අපි පෙනී සිටිනවා’’ යැයි කීවේය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook