Featured News

Video Gossip

Advertisement

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අතරතුර ඊයේ (13) උණුසුම් තත්ත්වයක් හට ගත්තා.

ඒ, රජයේ නිල නිවාසයක පදිංචි පවුලක් ඉන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා සිදුකළ කරුණු දැක්වීමක් හේතුවෙන්.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද පැවැත්වුණේ සම්බන්ධීකරණ කමිටු සභාපති ලංකා කම්කරු කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී මුත්තු සිවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඊට රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක, පළාත් පාලන ආයතන සභාපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා.

නුවරඑළිය අබේවෙල ග්‍රාම නිලධාරීවරයාගේ නිල නිවසේ දීර්ඝ කලක පටන් අනවසරයෙන් පදිංචිව සිටින පවුලක් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සංවාදයට ලක්වූ අතර, එහිදී එස්. බී. දිසානායක මහතා ‘ඕයි ‘ යනුවෙන් ඇමතීම නිසා ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලුයෝගරාජා මහතා සමඟින් කොටගල, මස්කෙළිය, නෝර්වුඩ් යන ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් සහ හැටන් – දික්ඔය නගර සභාවේ සභාපතිවරයා මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයාට විරෝධය පළ කරමින් කමිටු රැස්වීමෙන් ඉවත්ව ගියා.

අනතුරුව සම්බන්ධීකරණ කමිටු සභාපති මුත්තු සිවලිංගම් මන්ත්‍රීවරයා ද එම ස්ථානයෙන් ඉවත්ව ගිය ද රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා රැස්වීම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළා.

නමුත් ස්වල්ප වේලාවකින් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් සමග රැස්වීම් ශාලාවට යළි පැමිණි මුත්තු සිවලිංගම් මන්ත්‍රීවරයා කමිටු රැස්වීම නතර කිරීමට නියෝග කළා.

කෙසේ වෙතත්, සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසන්වීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ට සිය කනගාටුව පළ කර සමාව අයැද සිටියා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements