Advertisement

සිංහල අවුරුද්දට පෙර ආණ්ඩුවේ හිඟ බිල්පත් පියවීම සඳහා ලබන 20දා රජය මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිත විශේෂ මුදල් ප්‍රතිපාදන යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත් කිරීමේ සැලසුමක් විපක්ෂයේ සාකච්ඡාවට ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධව පසුගියදා පැවති එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දීර්ඝ වශයෙන් මන්ත්‍රීවරුන් කතාබහ කර ඇතැයි වාර්තා වනවා.

ආණ්ඩුව විපක්ෂය සමඟ සහයෝගයෙන් කටයුතු නොකිරීම, විපක්ෂයේ මන්ත්‍රීන්ට නඩු පවරා සිරගත කිරීමට තැත් කිරීම ආදී කාරණා ගණනාවක් නිසා මෙම මුදල් යෝජනාව පරාජය කළයුතු යැයි පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීන් ගණනාවක් ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

හිඟ බිල්පත් පියවීම සඳහා රුපියල් බිලියන 367ක මුදලක් ලබාගැනීම වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් ලෙස අදාළ යෝජනාව මැතිසබයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙනවා. රුපියල් බිලියන 367ක් ඉල්ලා සිටියද රජය සැබැවින්ම ලබාගැනීමට යන්නේ රුපියල් බිලියන 146කි. යෝජනාවේ සඳහන් ඉතිරි රුපියල් බිලියන 221 දැනටමත් රජය ලබාගෙන ඇති ණය වාර්තාගත කිරීමක් පමණක් බව භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කළා.

මෙකී මූල්‍ය ප්‍රතිපාදනය ලබා ගැනීමත් සමඟ ආණ්ඩුවට ණය ලබාගත හැකි රාජ්‍ය ණය සීමාව රුපියල් බිලියන 721 සිට රුපියල් බිලියන 1088 දක්වා ඉහළ දමා තිබෙනවා.මෙම ප්‍රතිපාදන සපයා ගැනීමේ යෝජනාව පරිපූරකයක් ලෙස ඉදිරිපත් කිරීමට නොහැකි බව පසුගියදා පැවති පක්ෂනායක සමුළුවේදී එ.ජා.ප. මන්ත්‍රී රවි කරුණානායක පෙන්වා දුන්නා.අතුරු සම්මත ගිණුමකින් රාජ්‍ය වියදම් සපයා ගන්නා අවස්ථාවේ පරිපූරක ඇස්තමේන්තු ඉදිරිපත් කළ නොහැකි බවත් ඒ සඳහා විශේෂ යෝජනාවක් ගෙන ආ යුතු බවත් කරුණානායක මන්ත්‍රීවරයා සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements