Featured News

Video Gossip

Advertisement

අග්‍රාමාත්‍යවරයාගේ හෝ වෙනත් ඇමතිවරුන්ගේ පෞද්ගලික ලේකම්වරුන්, මහජන සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු පුද්ගලික කාර්ය මණ්ඩලයේ කිසිවෙකු විසින් අගමැතිවරයා හෝ අමාත්‍යවරුන් වෙනුවෙන් රජයේ කටයුතු, ව්‍යාපෘති හෝ වෙනත් මූල්‍ය ගනුදෙනු සඳහා මැදිහත්වීම වහා නතර කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නියෝග කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් චක‍්‍රලේඛයක් මගින් මේ බව සියලු අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත.

එවන් පණිවිඩ නිකුත් කළ හැක්කේ අගමැති ලේකම්, අමාත්‍යංශ ලේකම් හා රාජ්‍ය ලේකම්වරුන්ට පමණක් යැයිද ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත.

අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩල මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙසත් එවන් කටයුතු මින් පෙර සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කරන ලෙසටත් චක‍්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

මෙතෙක් පැවති සියළුම රජයන් වල සිටි අගමැති මැති ඇමතිවරුන් ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය විසින් ජනතා සේවය කිරීම අභිබවා නොයෙකුත් රජයට සම්බන්ධ ව්‍යාපාර කටයුතුවල යෙදුන අතර ඊට සෘජුව සහ වක්‍රව බලපෑම් කිරීමේ අවස්ථා කිහිපයක් ම වාර්තා වී තිබුණි. මෙය සෑම රජයකටම එල්ල වූ බරපතල චෝදනාවකි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements