Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

සමහරු මං දිහා වැරැදි විධියට බලද්දී පේෂල මං දිහා වෙන විදියකට බලපු කෙනෙක් 
මගේ අම්මයි, තාත්තයි පේෂලට ආදරේ වුණා
සමහර පේජ් කරන අය අපට මඩ ගහන්නෙ සල්ලි හම්බ කරන්න
පේෂල කියනවා එයාලා අපිට මඩ ගහන්නේ එයාලගේ බඩ රැකගන්න කියලා

ජනප්‍රිය නිවේදකයෙක් සහ වැඩසටහන් නිර්මාණ ශිල්පියෙකු වන පේෂල මනෝජ් සහ නිවේදන ශිල්පී පූර්ණිකා පීරිස් පසුගිය දා විවාහ දිවියට එළැඹුනා. පූර්ණිකා පීරිස් මීට පෙර නිවේදන ශිල්පියෙකු වන සහන් අබේසේකර සමග විවාහවී සිටි අතර ඔවුනට එම විවාහයෙන් සිව් හැවිරිදි දරුවෙකු දරුවෙකුද සිටිනවා.

ඇය මේ එළඹ සිටින්නේ ඇගේ තෙවන විවහයටයි. පසුගිය කාලයේ ඇගේ පෙර විවාහයේ සැමියා එල්ල කළ චෝදනාවලට පිළිතුරු දෙමින් අලුත් කසාදය පිළිබඳව පුර්ණිකා මෙලෙස අදහස් පළ කළා.

ඔබේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළුණා. අලුත් ඇරඹුම එක්ක ජීවිතේ ගෙවෙන්නේ කොහොමද?



මමයි පේෂලයි විවාහ වුණා. පහුගිය අවුරුදු දෙක තුනම මම මගේ ජීවිතේ නිදහසේ හිටියා. මේක කරන්න එපා, මේක කරන්න, අරහේ යන්න එපා, මෙහෙ යන්න එපා කියන්න කවුරුත් හිටියේ නැහැ. මගේ අම්මයි, තාත්තයි තමයි මට හිටියේ. දැනුත් මම ඒ විධියටම ඉන්නවා. ඒක තමයි මම දකින වෙනස. සමහර අයට විවාහ වුණාට පස්සේ ජීවිතය සංකීර්ණ වෙනවනේ. නමුත් මට ඒ වගේ ජීවිතේ සංකීර්ණත්වයක් නැහැ. මම නිදහසේ ජීවත් වෙනවා.


විවාහය වැඩි සද්ද බද්ද නැතුව නේද සැමරුවේ?


දවස් පහක්, හයක් වගේ ඇතුළත සැලසුම් කරලා තමයි අපේ විවාහ ගිවිස ගැනීම කළේ. අපි පහුගිය දෙසැම්බර් ප්‍රසංගයක් කළා. ඒ කටයුත්තට තිබ්බ කාර්යබහුලත්වය එක්ක ජනවාරි මාසේ විවාහයක් ගන්නවා කියන තැන අපි හිටියේ නැහැ. නමුත් පේෂලගේ අම්මා ගිහින් වෙලාවල් බලද්දි ජනවාරි මාසේ විවාහය කරනවා නම් හොඳයි කියලා තිබ්බා. ඒ නිසා ක්ෂණික තීරණයක් අරගෙන තමයි විවාහ ගිවිස ගැනීම ජනවාරි මාසේ කළේ. අපිත් හිතුවා විවාහය තව කල් දාන්න ඕනේ නෑ කියලා. ඒ නිසා බොහොම චාම් විධියට පවුලේ පනහකට විතර කියලා දවස් හය හතකින් ලෑස්ති කරගෙන තමයි ඒ උත්සවය ගත්තේ.


පේෂල එක්ක ආදර සම්බන්ධයක් ගොඩනඟා ගත්තේ එකම නාළිකාවේ කටයුතු කළ, දැන හඳුනන කෙනෙක් නිසාද?


පේෂල කියන්නේ ඉස්සර මගේ යාළුවෙක්. දෙරණ නාළිකාවේ ඉන්න අනෙක් නිවේදක, නිවේදිකාවෝ ඔක්කොම අපි එක පවුලක් වගේ එකමුතුයි. හරි යාළුයි. පේෂලත් ඒ ගොන්නේ. පේෂල වැඩවලදි මට වැඩිපුර මුණගැහෙන්නේ නැහැ. අනෙක් නිවේදකයෝ මට ඊට වඩා මුණගැහෙනවා. පේෂලව මට ඒ කාලේ මුණගැහුණේ අවුරුදු වැඩසටහනක් කරද්දී අවුරුද්දකට, දෙකකට සැරයක් වගේ. කොහේ හරි වැඩකදී මුණගැහුණත් අපි කතා කරනවා. යාළුකමක් අපි අතර තිබුණා. සමහර වෙලාවට අපේ ජීවිතේ එක එක ප්‍රශ්න වෙනකොට සමහරුන් අපි ගැන හිතන විධිය නරක පැත්තට වගේම හොඳ පැත්තට වෙනස් වෙන අවස්ථා තියෙනවා. මගේ ජීවිතේ ප්‍රශ්න එනකොට සමහරු මං දිහා වැරැදි විධියට බලද්දී පේෂල මං දිහා වෙන විදියකට බලපු කෙනෙක්. ඒකත් එක්ක පේෂලගේ විශේෂත්වයක් තියෙනව කියලා මට දැනුණා.


ඒ විශේෂත්වය නිසාමද පේෂලව ජීවිතයට තෝරාගත්තේ?


මම ලොකු ප්‍රතිචාරයක් මුලින් දැක්වූවේ නැහැ. මොකද මට පුතෙක් ඉන්න එක වගේම මගේ ප්‍රශ්න සංකීර්ණ නිසා. ටික කාලයක් පේෂල එක්ක යාළුවෙක් වගේ කතා කරනකොට මං ගැන නිතර හොයලා බලනකොට මට තේරුණා එයා මම රූපවාහිනියෙන් දකින පේෂල නෙමෙයි කියලා. පේෂල මට විතරක් නෙවෙයි, මගේ නෑදෑයෝ, එයාගේ නෑදෑයෝ වගේ හැමෝම ගැන හොයලා බලලා කරදරයක් වුණත් ඉදිරිපත් වෙලා කටයුතු කරන චරිතයක්. ඒ වගේම එයා ඕනවට වඩා දේවල් ගණන් ගන්නේ නැහැ. හැමදේම හිත හිත ඉන්න කෙනෙක් එක්ක මට අලුත් ජීවිතයක් පටන් ගන්න අමාරුයි. මොකද මගේ ජීවිතේ වැරදුණු තැනක් තිබෙන නිසා.


ඔබේ අතීතය පේෂල ප්‍රශ්නයක් කරගත්තේ නැද්ද?


පේෂල විශේෂයෙන්ම කෙනකුගේ අතීතය නොසලකා හරින කෙනෙක්. මමත් ඒක එයාගෙන් තමයි ඉගෙන ගත්තේ. මිනිස්සුන්ගේ අතීතය ගැන හොයන්න නරකයි. අංගුලිමාලලත් ඉතිහාසයේ හොඳ වෙලා තියෙනවා. මිනිස්සු නරක වෙන්න පුළුවන්. හොඳ වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ ජීවිතේ වරදින්න පුළුවන්. අතීතය ගැන දේවල් හාරඅවුස්ස අවුස්ස හිටපු මිනිස්සු මගේ ජීවිතේ හිටපු නිසා එතැනත් මට පේෂල වෙනස් කෙනෙක් කියලා තේරුණා. එයාට මගේ ජීවිතේ ගැන ප්‍රශ්න තිබ්බේ නැහැ. කනින් කොනින් මගේ ජීවිතේ දේවල් එයාට අහන්න ලැබෙද්දි එයාට හිතෙන්න ඇති මගේ ජීවිතේ වැරදුණා කියලා. මට වැරදිලා තියෙන්නේ කියලා මගේ සමීප අය දැනගෙන හිටියත් කවුරුත් මාව ඒ ගැන දැනුවත් කළේ නැහැ.

පස්සේ මම ස්වාධීන තීරණයක් අරගෙන සමහර තැන්වලින් ඉවත් වෙනකොට පේෂලට තේරුණා ඒ දේවල් වුණේ මගේ වරදකට නෙමෙයි කියලා. නොගැළපීම හෝ වෙනත් මොකක් හරි දෙයක් නිසා මේ තීරණය ගන්න ඇත්තේ කියලා පේෂල හිතන්න ඇති. බොහෝ කාලයක් පේෂල මගේ යාළුවෙක් වගේ හිටියා. පේෂලගේ හිතේ මං ගැන අදහසක් තියෙනවා කියලා එයයි මමයි ආශ්‍රය කරන යාළුවෝ හැම වෙලාවෙම කිව්වා. මගේ හිතේ එහෙම දෙයක් නෑ කියලා මම කිව්වා. මොකද මට ඒ දේවල් ගැන හිතන්නත් බැහැ. පුතා ඉන්නවා. මට වෙන ගමනක් තියෙනවා කියලා මම කිව්වා. හැබැයි පේෂල හිමින් හිමින් අපේ අම්මලා තාත්තලා එක්කත් කතා කළා.


ඒ කියන්නේ ඔබයි පේෂලයි ගත්ත තීරණයට පවුලේ අය අකැමැති වුණෙත් නැහැ?


නැහැ. මගේ අම්මයි, තාත්තයි පේෂලට ආදරේ වුණා. මගේ අම්මටයි, තාත්තටයි ඒ වගේ පාර්ශ්වයකින් ඒ වගේ ආදරයක් ලැබිලා තිබුණේ නැහැ. පේෂල එයාගේ මවුපියන්ට වගේම අනෙක් වැඩිහිටියන්ට ආදරය, ගෞරවය දක්වනවා කියලා අපේ පවුලේ අයටත් තේරුණා. පේෂලව ආශ්‍රය කරපු කාලේ එයා මගේ අම්මට තාත්තට සලකන්නේ කොහොමද, මම එයාගේ අම්මට තාත්තට සලකන්නේ කොහොමද කියලා තේරුම් ගත්තා. පේෂල කලින් විවාහ ගිවිසගෙන හිටියා. නමුත් විවාහ වෙලා තිබ්බේ නෑ. එයාට දරුවෝ හිටියේ නැහැ. පේෂල මේ කාලේ ඉන්න ජනප්‍රියම නිවේදකයෙක් සහ දක්ෂ සංගීත ශිල්පියෙක්. මගේ පවුල් පසුබිම කොහොම තිබ්බත් මම විවාහ වෙලා හිටපු, දරුවෙක් ඉන්න කෙනෙක් වුණත් පේෂලගේ අම්මා, තාත්තා මාව හොඳින් තේරුම් ගත්තා. පවුලේ හැමෝම කිව්වේ මම තමයි පේෂලට හරියන කෙනා කියලා. ඒ නිසා පවුලේ හැමෝගෙම ආශීර්වාදය අපිට ලැබුණා.


එක කාලයක් සමහරු චෝදනා නැඟුවා ඔබේ පළමු විවාහය කැඩුණේ පේෂලත් එක්ක තිබුණු සම්බන්ධය නිසා කියලා. ඒ ගැන ඔබට උත්තරයක් ඇති?


පහුගිය අවුරුදු හතර තුළ මම හුඟක් දේවල් ඉගෙනගත්තා. මම පටන් ගත්ත මේ අලුත් පවුල් ජීවිතයටත් මම ඒක අදාළ කරගෙන තියෙන්නේ. කිසිම කෙනෙක් කිසිම දෙයක් සම්බන්ධයෙන් දීර්ඝකාලීනව සැක කරන්න නරකයි. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් හොරකම් කළේ නැතත් හොරකම් කළා කියලනේ අනෙක් අය හිතන්නේ, ඒ නිසා හොරකම් කළත් එකයි, නැතත් එකයි කියන තැනට එනවා. අපි සමහර වෙලාවට ආශ්‍රය කරන යාළුවෝ හැමෝම එක්ක සම්බන්ධකම් පවත්වන්නේ නෑ. නළු නිළියෝ රඟපාන්න ගියා කියලා එයාලා ඒ හැමෝම එක්ක යාළුවෙන්නේ නෑ.

දෙරණ නාළිකාවත් එක්ක මම මේ ගෙවන්නේ පහළොස්වැනි අවුරුද්ද. අපේ නාළිකාවේ තරුණ පිරිසක් ඉන්නේ. නාළිකාවේ හැමෝම දන්නවා මම මේ වෙනකල් කිසිම කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇතිකරගෙන නැහැ කියලා. මම හිතන්නේ කෙනෙක්ට තව කෙනෙක් ගැන මොනයම් හෝ කාරණාවකදී අනවශ්‍ය සැකයක් එන්නේ ඒ කෙනා ඒ වැරැද්ද කරන නිසා. තමන් ඒ වැරැද්ද කරන්නේ නැත්නම් තමන් මනුස්සයෙක් එක්ක හොරෙන් සම්බන්ධයක් තියාගන්නේ නැත්නම් මම මගේ සැමියව සැක කරන්න ඕන වෙන්නේ නෑ.

මම යාළුවන්ටත් කියන්නේ කිසිම කෙනෙක් සැක කරන්න එපා කියලා. මොකද ඒ දීර්ඝකාලීන සැකය කෙනෙක්ව වැරැද්දකට පොලඹවන්න පුළුවන්. සැකය, අවිශ්වාසය, නිදහස නැති තැනක අපි ජීවත් වෙන්න ඕනේ නෑ. මොකද කොච්චර ආදරය තිබ්බත්, දරුවෝ හිටියත් ඒ වගේ ප්‍රශ්නවලදී දරුවන්ටත් පීඩනයෙන් තමයි ජීවත් වෙන්න වෙන්නේ. ගෙදර අම්මා සතුටින් හිටියොත් පවුලක් හොඳට තියෙනවා. දැන් මාව සැක කරන්න මගේ කෙනෙක් නැහැ. මම කොහේ ගියත් ඇයි ගියේ? ඇයි යම් කෙනෙක්ව ආශ්‍රය කරන්නේ? අරයා මෙයා කතා කළේ ඇයි? අහන්න කෙනෙක් නැහැ.

ඒ නිදහස මට උපරිම තියෙනවා. ඒක තමයි ඕනේ. අපි ජීවත් වෙලා ඉන්න කාලේ කාටවත් යටත් වෙලා, සැකයකට බඳුන් වෙලා ජීවත් වෙන්න ඕනේ නැහැ. පේෂලත් එක්ක සම්බන්ධයක් තිබුණා කියලා ගියපු හාව හූව පේෂලටම අදාළ වුණේ ඔය වගේ සන්සිද්ධියක් නිසා තමයි. හැබැයි මට ඒකෙන් අද හොඳක් වුණා කියලා හිතනවා. සමහර තැන්වලදී මට ගහන මඩවලදී හිතුණා පේෂලව තමයි විවාහ කරගන්න ඕනේ කියලා. නමුත් මට පුතා ඉන්න නිසා ඒකට පියවරක් තියන්න බැරුව හිටියේ. 2016දී තමයි මම පළමු විවාහයෙන් ඉවත් වුණේ. මේ අවුරුදු හතර ඇතුළත සියල්ල සාමාන්‍ය විධියට සිදුවුණා.


මෙදා සැරේ ගත්ත තීරණය හරි තීරණයක් කියලා පූර්ණිකාට දැනෙනවද?


ඔව්. මම හිතනවා මෙදා සැරේ ගත්ත තීරණය හරි කියලා. පහුගිය අවුරුදු දෙකහමාරක් වගේ ඇතුළත පේෂල කොයි වගේ කෙනෙක්ද කියලා මට තේරුණා.


පිටින් දකිද්දි දකින පේෂලට වඩා පෞද්ගලිකව ඔබ දකින පේෂල වෙනස්ද?


පේෂල වගකීම් සහගත කෙනෙක්. පොඩිම දේ ගැන වුණත් එයා සැලකිලිමත්. එයා ඒ තරම් වගකීම් සහගත කෙනෙක් කියලා මම හිතුවේ නැහැ. මට හිතුණෙත් එයා වගකීමක් නැති, නිකන් ඔහේ කියව කියවා ඉන්න කෙනෙක් කියලා. නමුත් එයා අභ්‍යන්තරයෙන් ගොඩක් වෙනස් කෙනෙක්. මුල් කාලේ වගකීම් සහගතව ඉඳලා ඊට පස්සේ අතහැරලා දාන ස්වභාවයක් එයාගේ තිබ්බේ නෑ. අදටත් එයාගේ ඒ වගකීම් සහගතකම, ආදරය එදා වගේම තියෙනවා. එයා හරි සරල මනුස්සයෙක්. ඒක මගේ ජීවිතයට පහසුයි.


පුතාත් පේෂලට කිට්ටුවන්තද?


එයා දරුවන්ට හරි ආදරෙයි. මගේ පුතා සාමාන්‍යයෙන් හැමෝටම ආදරය කරන කෙනෙක්. පුතා ගයාන් අයියා ගෙදර ඉන්න වෙලාවට එයාගේ පස්සෙන්මයි. පේෂල ආවම පේෂලගේ පස්සේ ඉන්නේ. පුතාට ආදරේ අයට එයා හරිම ආදරෙයි. සමහර වෙලාවට එයා මට වඩා ගයාන් අයියටයි, පේෂලටයි ආදරෙයි. මම නිතරම එයා එක්ක ඉන්න නිසා අනෙක් අය කලාතුරකින් මුණගැහෙද්දී එයාලට හරිම ආදරෙයි. පුතා සින්දු කියනවා. ඒ දේවල් පේෂලගෙන් තමයි එයාට ඇවිත් තියෙන්නේ. කොහොමත් පේෂල දරුවන්ට ආදරය කරන කෙනෙක්. මගේ පුතාට විතරක් නෙමෙයි, මගේ නෑදෑයන්ගේ දරුවන්ට පවා පේෂල හරිම ආදරෙයි. පොඩි දරුවෙක් පාරේ හිඟාකනවා නම් අඬගහලා අහනවා ඇයි මෙතැන ඉන්නේ? ඉස්කෝලේ යන්නේ නැද්ද? අම්මා කෝ? දවල්ට කෑවද කියලා පවා අහනවා. එයා කැමැති නැහැ ළමයෙක් පාරේ හිඟාකනවටවත්. ඒ නිසා මට ආදිත්‍ය ගැන ලොකු බයක් නැහැ. පුතාත් ජීවිතේ ඉස්සරහට සතුටු වෙයි කියලා හිතනවා.

ඔබෙයි පේෂලගෙයි විවාහයට සුබපැතුම් ගලාගෙන ආවා. සමහරු ඔබව විවේචනය කළා. ඒ වගේම ඔබේ පළමු විවාහයේ සැමියා ඔබට සුබපතලා දීපු උපදෙස් ගැනත් බොහෝ අය කතා කරන්න ගත්තා නේද?

සහන්ගේ ෆේස්බුක් එකෙන් ඒ පෝස්ට් එක දාලා තිබ්බට ඒක එයා නෙමෙයි දාලා තියෙන්නේ. ඒ සහන් විවාහ වෙන්න ඉන්න කෙනාගේ උපදෙස් වෙන්න ඇති කියලා තමයි හිතෙන්නේ. ඒ ගැහැනු ළමයයි මමයි හම්බවෙලා කතා කරලාවත් නැහැ. සහන් තවම මාත් එක්ක කතා කරනවා. මාත් එක්ක එයාගේ අමනාපයක් නැහැ. එයා ගිය මාසෙත් ඇවිත් පුතාව බලලා ගියා. එයා නිවාඩු දවස්වලට ඇවිත් උදේ පුතාව අරගෙන ගිහින් හවස මට ගෙනත් දෙනවා. සහන්ගේ ෆේස්බුක් එකෙන් ඒ පෝස්ට් එක දැම්මට ඒක දැම්මේ කවුද කියලා හිතන්න ඕන. ඒක කවුරු කළත් මට ගැටලුවක් නැහැ. මට උපදෙස් දෙන්න පුළුවන්, සුදුසු කෙනෙක් එතන ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. ගැහැනු ළමයෙක්ට වඩාත් හොඳ ස්ථිර විවාහයකට යන එක.

එහෙම පසුබිමක් නැති අය මට උපදෙස් දෙන එක මම අනුමත කරන්නේ නෑ. මට උපදෙස් දෙන අයට හැරිලා බලලා එයාලගේ ජීවිතවලට කරගන්න ගොඩක් දේවල් තියෙනවා. අපිට විවේචන ආවේ ඇත්තම ෆේස්බුක් එකවුන්ට් තියාගෙන ඉන්න අයගෙන් නෙමෙයි. ව්‍යාජ ෆේස්බුක් ගිණුම් තියාගෙන ඉන්න අය තමයි මඩ ගහන්නේ. ඇත්ත ෆේස්බුක් ගිණුම් තිබ්බ ගොඩක් අයගෙන් තිබ්බේ සුබපැතුම්. ව්‍යාජ ගිණුම් සමහර විට අපි දන්න අයම කරනවා වෙන්න පුළුවන්. අපේ ක්ෂේත්‍රයේ අයත් ව්‍යාජ ගිණුම් පවත්වාගෙන යනවා කියලා මම දන්නවා. කවුරුවත් කැමැති නැහැ තව කෙනකුගේ ජීවිතේ සාර්ථක වෙනවට. ඒ අසාර්ථකකම් ජීවිතවල තියෙන මිනිස්සු. කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ හිතවත් අයගෙන් අපිට සුබපැතුම් තිබ්බේ. සමහර පේජ් කරන අය එයාලට සල්ලි හම්බ කරන්නනේ දේවල් කරන්නේ. පේෂල කියනවා එයාලා අපිට මඩ ගහන්නේ එයාලගේ බඩ රැකගන්නනේ කියලා. ඉස්සර මම ඒකට එකඟ නැහැ. දැන් මම ඒකට එකඟයි. පහුගිය අවුරුදු හතර ඇතුළත මම බොහොම ඉවසීමෙන් හිටියා. මම ඒ කාලය ඇතුළත පරීක්ෂා කළා පේෂලටත් ඒ ඉවසීම තියෙනවද කියලා. පුතා අවුරුදු දෙකක් පෙර පාසල් ගියා. අවුරුදු දෙකක් පාසල් ගියාටත් පස්සේ තමයි මම විවාහයක් ගැන තීරණය ගත්තේ. මම කාලයක් ගත්තේ ඉන්න මනුස්සයා ඕන කාලයක් ඉන්නවා, යන මනුස්සයා යනවා කියලා දන්න නිසා. පේෂල ඉන්නවා නම් ඉඳියි හෝ එයා ගියොත් යයි කියලා කාලයට ඉඩ දීලා මම හිටියා. කාලය මට හොඳ තීරණයක් දුන්නා කියලා හිතනවා. මට ආපු විවේචන ගැන සැලෙන්නේ නැහැ. තමන්ගේ ජීවිත හදාගෙන මට උපදෙස් දෙන්න ආවොත් තමයි හොඳ.


ඔබ විවාහ තුනක් කරගත්ත කෙනෙක් කියලත් විවේචන තිබ්බා?


මම විවාහ අච්චර කළා, මෙච්චර කළා කියලා සමහර දේවල් කිව්වා. සහන්ට කලින් මම වෙන විවාහ ගිවිසගැනීමක් කරලා තිබ්බේ. ඒක විවාහ ජීවිතයකට ගෙනියන්න මට කාලයක් හම්බවුණේ නැහැ සහන්ගේ සම්බන්ධය නිසා. මම ඒ කාලේ මාස දෙකෙන්, තුනෙන් කෙටිකාලීන තීරණ ගත්තා. පස්සේ තේරුණා ඒවා සුදුසු තීරණ නෙමෙයි කියලා. මගේ විවාහ ගැන මම දන්නවා. පේෂල දන්නවා. මම ස්ථිරවම පවුල් කාපු විවාහයක් තියෙනවා. ඒකනේ ආදිත්‍ය පුතා මට ඉන්නේ. ඊට එහා මට විවාහ අච්චර, මෙච්චර තිබ්බා කියලා කියන මිනිස්සු මොන පදනමක ඉඳන් ඒවා කියනවද මම දන්නේ නෑ. ඒ කියන දේවල් මම එච්චර ගණන් ගන්නේ නැහැ. මාත් එක්ක ජීවත්වෙන කෙනා ඒ දේවල් ගණන් ගන්නේ නැත්නම් ඒ කතා මම ගණන් ගන්න ඕනේ නෑ කියලා මම හිතනවා. ඔය පෝස්ට් හදන, තමන් හොඳයි කියලා හිතලා කියවන හැම කෙනකුගෙම ජීවිත ආපස්සට හැරිලා බැලුවොත් විවාහ සහතිකය නැති වුණාට ඕන තරම් සම්බන්ධකම් තියාගෙන, ලිවින් ටු ගෙදර් හිටපු සංඛ්‍යාව මට කියන්න පුළුවන්. නමුත් මම කා එක්කවත් එහෙම ගැටෙන්නේ නැහැ. මට ඒවට කාලයක් නැහැ. මම ජීවිතයේ සාර්ථක වුණා. පුතාව හොඳ පාසලකට දාලා එයාට හොඳ අධ්‍යාපන පසුබිමක් හැදුවා. මම ගියපු විදිහ හරි කියලා මම හිතනවා.


පූර්ණිකාගේ වැඩවලට පේෂල තහංචි, පාලන දාන්නේ නැද්ද?


නැහැ. පේෂල මට කියලා තියෙන්නේ නාට්‍යයක් ආවොත් රඟපාන්න කියලා. රඟපාන්න ගියොත් පුතා වෙනුවෙන් වෙන්වෙන කාලය අඩු වෙනවා. දැන් මම එයත් එක්ක ඉන්න ඕනේ කාලේ. පුතාට අවුරුදු හතක් වුණාට එයා හරි ළාමක දරුවෙක්. නිවේදනය විතරක් කරනවා කියලා මම හිතුවා. නාළිකාවෙන් කරපු ඒකාංගික නාට්‍යවලට මම සම්බන්ධ වුණා. දීර්ඝව තියෙන නිර්මාණවලට මම සම්බන්ධ වෙන්නේ නැහැ. මට චිත්‍රපටවලටත් කතා කළා. මම ඒවට සම්බන්ධ නොවුණේ පුතා නිසා. ඉදිරියටත් මම ඒවට සම්බන්ධ වෙන්නේ නැහැ. පේෂල ගොඩක් කාර්යබහුල කෙනෙක්. මමත් තව තවත් කාර්යබහුල වුණොත් පවුල් ජීවතය සමබර කරගන්න අමාරුයි. පේෂලගෙන් මට මොනම තහංචියක්වත් වැටිලා නැහැ.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook