Advertisement

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා විශාල ලෙස මහන්සියෙන් වැඩ කටයුතු කළ කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරනවා.

එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩු කිරීමේ නොහැකියාව සහ දක්ෂතාවය නිසා ඉතා ඉක්මනින් ආණ්ඩුව බාර දෙන්නට වූ බව ද ඇය පෙන්වා දෙනවා.

අවාරෙට පොල් වැටෙනවා සේ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු පිහිටුවන බවත් එය වසර දෙක තුනකින් ආපසු නැවත කඩා වැටෙන බවත් කී ඇය ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයට ද සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට වූ දෙයම බවද සඳහන් කළා.

ජනතාව තවමත් පක්ෂය සමග සිටින එක පුදුමයක් බවත් විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය සඳහන් කළා.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements