Advertisement

පාර්ලිමේන්තු මහා මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දින පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

මහ මැතිවරණයට අදාළ දින වකවානු පිළිබඳව ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගෙන් කරුණු විමසා ලිපියක් යොමු කර තිබුණා.

ඒ සඳහා පිළිතුරු ලිපියක් මැතිවරණ කොමිෂන් සභාව සකස් කර ඇති බව එහි ආරංචි මාර්ග සඳහන් කරනවා.

මහ මැතිවරණය පැවැත්වීම සඳහා මාර්තු මස 01 වැනිදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නීතිමය බාධාවක් නොමැති බව නීතිපති දප්පුල ලිවේරා ජනාධිපතිවරයාට පසුගියදා දැනුම් දෙනු ලැබුවා.

ඒ අනුව මාර්තු මස 02 වැනිදා රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් මාර්තු මස 02 වැනි දින පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මාර්තු මස 11 වැනිදා සිට 17 වැනිදා දක්වා නාම යෝජනා කැඳවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව වාර්තා වනවා.

මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දින පවත්වන අතර නව පාර්ලිමේන්තුව කැඳවීම මැයි මස 12 වැනිදා සිදු කිරීමටද මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මෙම කරුණු සියල්ලම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයේ සඳහන් කිරීමද අනිවාර්ය බව කොමිෂන් සභාව සඳහන් කළා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements