Advertisement

කල් ඉකුත් වූ බේකරි සහ කේක් අමුද්‍රව්‍ය ඇතුළු ආහාර ටොන් 17.5ක් හසුවීම හේතුවෙන් මදීනා ෆුඩ්ස් නම් සමාගමට එරෙහිව පාරිභෝගික අධිකාරිය විසින් පසුගියදා නඩු පැවරුණා. තවමත් මෙම නඩුව විභාග වෙමින් පැවතෙන්නක්.
කෙසේ වෙතත් ආයතන නම් වෙනස් කිරීමක් සම්බන්ධයෙන් දිවයිනේ ප්‍රසිද්ධ පුවත්පත්ක පළ කර ඇති දැන්වීමක් හේතුවෙන් යළි මේ ගැන උණුසුම් කතාබහක් ඇති වී තිබෙනවා.

එම දැන්වීම මගින් ප්‍රසිද්ධ කර ඇත්තේ මදීනා ෆුඩ්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් නම් ආයතනය මින් ඉදිරියට මාස්ටර්බේකර් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ලෙසට නම් වෙනස්කරන බවයි.
ඉහත දැන්වීමෙන් නම වෙනස් කරන්නේ කුප්‍රකට මදීනා ෆුඩ්ස් සමාගමමද යන්න තවම හෙළිවී නොමැති අතර, එය එසේ නම් එය ප්‍රශ්නකාරී තත්ත්වයක් වනු ඇත.
මෙරට ප්‍රසිද්ධ කැරවෑන් ෆෙරෙෂ් ( Caravan Fresh) නැමැති අවන්හල් ජාලය පවත්වාගෙන යනු ලබන්නේද මදීනා ආයතනය විසිනි.
එම දැන්වීම පහතින්.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements