Advertisement

බගවන්තලාව නගරයට පිවිසිමේදි කෙසෙල්ගමුඔය හරහා ඉදි කර තිබෙන ප්‍රධාන පාලමේ ඇද තිබෙන චිත්‍ර මකා දමා එ මත සුදු තින්ත ආලේප කිරිමට (11) දින නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලය මගින් කටයුතු කර තිබුණි.

බගවන්තලාව නගරයේ තරුණයින් පිරිසක් විසින් පසුගිය දා බගවන්තලාව නගරයේ ස්ථාන කිහිපයකම චිත්‍ර නිර්මාණය කල අතර , බගවන්තලාව නගරයට පිවිසෙන පාලමද සම්පුර්ණයෙන්ම තින්ත ආලේපනය කර අලංකාර චිත්‍ර කිහිපයක් පාලමේ සහ ආරක්ෂිත වැටේ නිර්මාණය කර තිබුණි.
එසේ නිර්මාණය කර තිබු ප්‍රධාන චිත්‍ර නිර්මාණ හැර පාලමේ ආරක්ෂිත වැටේ නිර්මාණය කර තිබු අලංකා සිතුවම් කිහිපයක් සුදු තින්ත යොදා මකා දැමිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ නිලධාරින් කටයුතු කර තිබුණි.

පාලමේ නිර්මාණය කර තිබු චිත්‍ර මකා දැමිම සම්බන්ධයෙන් අප නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකරි කාර්යයාලයේ ප්‍රධාන විධායක නිලධාරි කේ.ඩි.බි.ආර්.දේවප්‍රිය මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ රාත්‍රි කාලයේ ගමන් කරන වාහන වලට පාලම දිස් නොවන නිසා අනතුරු සිදු විමේ අවධානමක් පැවතිම හේතුවෙන් පාලමේ ආරක්ෂිත වැටේ පමණක් සුදු තින්ත ආලේප කිරිමට කටයුතු කල බවයි.

තවද පාලම මත චිත්‍ර නිර්මාණය කිරිම සදහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිදු අවසරයක් හෝ උපදෙසක් ලබාගෙන නොතිබිණු බවත්, එසේ අවසර සහ උපදෙස් ලබාගෙන තිබුණේ නම් පාලම චිත්‍ර නිර්මාණය කිරිමට අවශ්‍යය තින්ත වර්ණය සම්බන්ධයෙන් උපදෙස් ලබා දිමට හැකියාව තිබු බවයි නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ විධායක ඉංජිනේරුවරයා කියා සිටියේ.

– හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements