Featured News

Video Gossip

Advertisement

මීගමුව ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියක් විනාශකොට ක්‍රීඩා පිටියක් ඉදිකිරිම සදහා රජයේ වනාන්තර භූමියක් නිදහස් කරන ලෙස සඳහන් කල රාජ්‍ය අමාත්‍යය සනත් නිශාන්තට තම තීරණය රාජ්‍යය නිලධාරිනියක් ඉදිරියේ පසුගියදා හකුලා ගැනීමට සිදුවුණා.

ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් යයි කියා ගන්නා ඇමතිවරයාට සම්බන්ධ චන්ඩින් කිහිපදෙනෙකු හා සනත් නිශාන්ත ඇමතිවරයා දිගින් දිගටම මේ වනාන්තර පද්ධතිය තමාගේ ජාවාරම් කටයුතු සදහා වෙන්කරවා ගැනුමට උත්සහ දැරුවත් අදාල නිලධාරිනිය කොන්ද කෙලින් තබාගෙන කිසිසේත්ම තමාට නීතියට පිටින් වැඩ නොකළ හැකි බව ප්‍රකාශකොට සිටියා .

මේ දේවානී ජයතිලක. අඩවි වන නිලධාරී ගම්පහ. මේ ඇගේ සාමාන්‍ය ක්‍රියාකලාපය බව ගම්පහ අවට පරිසර ක්‍රියාකාරකම් වල නිරතවන අප කිහිප දෙනා දනිමු. දේශපාලන වාසි තකා නැවෙන්නෙ නැත. වැඩ කෙලින්ය. කියන්නෙ මූණටමය.

දේශපාලනයට හෝ නූගත් මුග්ධයයින්ගේ වචන වලට නොසැලී තම රාජකාරිය ඒ අයුරින්ම කරන රාජ්‍ය සේවකයින් අතර ඇය සුවිශේෂී චරිතයක් බව කිව යුතුය.

මෙතුමියව රැක බලා ගැනීම නීතිගරුක ආණ්ඩුවේ වගකීමය.

සම්පුර්ණ වීඩියෝව පහතින්,


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements