Featured News

Video Gossip

Advertisement

ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී සංගීත විශාරද ජගත් වික‍්‍රමසිංහ මහතා පත්කළ බව තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අමාත්‍යංශය සදහන් කරනවා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් ඒ මහතා බ‍්‍රහස්පතින්දා (13) දිනයේදී වැඩ බාරගැනීමට නියමිතයි.

ඔබේ සිනා ළඟ සිත නැවතුණ දා, ඔබ මා හමුවේනම්, සාගර තරංගා වැනි රසිකයන් අතර අතිශය ජනප‍්‍රියත්වයට පත් ගීත රාශියක් ගායනා කර ඇති ඒ මහතා ගීත කිහිපයක් සඳහා තනු නිර්මාණයෙන් ද දායකවී ඇති අතර ටෙලි නාට්‍ය කිහිපයක් සදහා රංගනයෙන්ද දායකවී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ඔහු සදහන් කර සිටියේ කලාවේ විවිධ ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කළ දැවැන්තයන් බිහිකළ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් සතුටට පත්වන බවය. එමෙන්ම ගුවන් විදුලියේ අභිමානය සුරැකෙන අකාරයෙන් තමන් කටයුතු කරන බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස පසුගිය මස 30 වැනිදා වැඩ බාරගත් රෝහණ දේව පෙරේරා මහතා මේ මස 5 වැනිදා එම තනතුරින් ඉවත් කරනු ලැබුවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements