Featured News

Video Gossip

Advertisement

ඉකුත් අප්‍රේල් 21 වැනි දින සිදුවූ පාස්කු ‌බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවල ‌මෙතෙක් සිදුව ඇති විමර්ශන හරහා එහි සම්පූර්ණ වගකීම හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරීසේන මහතා ‌වෙත පැවරෙන ලකුණු ‌මේ වනවිට පහළ වී ඇති බව දැනගන්නට තිබේ.

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්ෂක ‌ලේකම් ‌හේමසිරි ප්‍රනාන්දු සහ ‌පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන් ඉදිරි දින කිහිපය ඇතුළත ජනාධිපති විමර්ශන ‌කොමිසම හමුවේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉතා ආන්දෝලනාත්මක ප්‍රකාශයන් ලබා දීමට සූදානමින් සිටින බව අතිශය විශ්වාස කටයුතු ආරංචි මාර්ගයන්ගෙන්  දැනගන්නට ලැබී ඇත. 

මෙම ප්‍රකාශයන් හරහා ‌මෙතෙක් ප්‍රහාරය සම්බන්ධයෙන් ‌හෙළිනොවුණු කරුණු රැසක් ‌හෙළිදරව් වනු ඇති බවද දැනගන්නට ලැබී තිබේ.

මීට අමතරව ‌මේ සම්බන්ධයෙන් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ජනාධිපති පරීක්ෂණ කමිටුව හමුවේ සාක්ෂි ලබා දී ඇති අතර එවක පැවැති ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලට ‌හෝ අගමැතිවරයා වශයෙන් තමන් කැදවූයේ නැති බවත්, ලැබී තිබූ බුද්ධි ‌තොරතුරු සම්බන්ධයෙන් ‌හෝ තමන් දැනුවත් ‌නොකර තිබූ බවත් ‌හෙතෙම එහිදී ප්‍රකාශ කර ඇති බවත් වාර්තා ‌වේ.

හිටපු ජනාධිපතිවරයා වශයෙන් සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ‌මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ ප්‍රහාරයන් පිළිබදව දැනුවත්ව සිටි බව එකල පාර්ලිමේන්තු ‌තේරීම්කාරක සභාව හමුවේ පවා අනාවරණය වී තිබිණ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements