Featured News

Video Gossip

Advertisement

රුපියල් හය කෝටි අසූ ලක්ෂයක් වියදම් කර බත්තරමුල්ල වෝටර්ස් එජ් ආයතනය එම පරිශ්‍රයේ ආරම්භ කළ ෆ්ලෝරා පාර්ක් අයිලන්ඩ් අවන්හල් ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇතැයි ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

මෙම අවන්හලේ ආහාර ගැනීම සඳහා එක් අමුත්තකුගෙන් රුපියල් විසිදහසක් අය කර ඇති අතර එවන් අයකිරීමකින් අවන්හල පවත්වාගෙන යා හැකිද යන්න පිළිබඳ නිසි තක්සේරුවක් කර නොතිබූ බව විමර්ශන වාර්තාවේ සඳහන් වනවා.

2018 වසරේ දී 144 දෙනෙක් පමණක් රුපියල් විසිදහස බැගින් වැය කර මෙහි ආහාර ලබාගෙන තිබෙනවා.එක් වරක් පැමිණි අමුත්තකු මේ කරා දෙවැනි වර පැමිණ නොතිබූ බවත් මෙම තත්ත්වය මත 2019 දෙසැම්බර් මස පළමු වැනිදා සිට රුපියල් 7500, රුපියල් 6500 හා රුපියල් 5500 වශයෙන් කාණ්ඩ තුනක් යටතේ අය කිරීමටත් පියවර ගෙන තිබුණා.

මෙම ව්‍යාපෘතියෙන් 2019 වසරේ දී රුපියල් තුන්කෝටි හැත්තෑ ලක්ෂයක ආදායමක් ඉපයීම මගින් රුපියල් දෙකෝටි හැටලක්ෂයක දළ ලාභයක් ආයතනය අපේක්ෂා කර තිබූ නමුත් එම වසරේ දී ඉපයීමට හැකි වී ඇති ලාභය රුපියල් ලක්ෂ තිස්පහක් පමණක් යැයි පෙන්වා දෙන එම වාර්තාව එය අපේක්ෂිත ආදායමින් සියයට පහක් පමණක් බවත් සඳහන් කරනව.

ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල වසර හයක දී ආවරණය කර ගැනීමට සැලසුම් කර තිබුණද පවතින ආදායම් තත්ත්වය මත වැය කළ මුදල ආවරණය කිරීමට විසිපස් වසරක් පමණ ගත විය හැකි යැයිද එමගින් පෙන්වා දෙනවා.

මෙම අවන්හල් ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇත්තේ වෝටර්ස් එජ් හෝටලයට ඇතුළු වන ප්‍රවේශ මාර්ගයේ වම්පස දියත උයන අතර පිහිටි පර්චස් 91ක බිම් කොටසකි. එහි බිම සැකසීම සඳහා 2017 වසරේ දී රුපියල් කෝටියක් වෙන් කිරීමට ආයතන අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන තිබුණා.

ව්‍යාපෘති පිරිවැයෙන් සියයට 44ක් එනම් රුපියල් තුන්කෝටි එකොළොස් ලක්ෂයක් වැය කර ඇත්තේ ඕකිඩ් පැළ මිලට ගැනීම වෙනුවෙනි.

මල් පිපෙන ඕකිඩ් පැළ මිලදී ගැනීම සඳහා ගෙවතු කළමනාකරු තායිලන්තයට යවා ඇති අතර රුපියල් ලක්ෂ අසූ පහක් වැය කර ඕකිඩ් පැළ 16000ක් එරටින් ආනයනය කර තිබෙනවා.මීට අමතරව රුපියල් දොළොස් ලක්ෂ හතළිස් පන්දහසක් වැය කර ඕකිඩ් පැළ 5090ක් ද රුපියල් හත්ලක්ෂ හතළිස් හතර දහසක් වැය කර ඕකිඩ් බීජ 6180ක්ද දේශීයව මිලට ගෙන තිබුණු බව පරීක්ෂණ වාර්තාව හෙළි වනවා.

පාඨලී චම්පක රණවක අමාත්‍යවරයාගේ සමයේ මෙය සිදුකර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements