Featured News

Video Gossip

Advertisement

ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් අලෙවි කර ලබාගත් රුපියල් මිලියන තුන්සිය හතළිහකට අධික මුදල පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ණය ලබාදීම සඳහා යොමු කිරීමෙන් රුපියල් කෝටි ගණනක අක්‍රමිකතාවක් සිදුවී ඇති බව එම අධිකාරියේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා පවසනවා.

ඩාර්ලි පාරේ පිහිටි අක්කර එකයි පර්චස් විසි හයක ඉඩම මිලියන තුන්සිය හතළිහයි දශම හතයි තුනකට (340.73) අලෙවි කර ලබාගත් මුදල නිවාස ඉදිකිරීම සඳහා ණය ලබාදීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ, හම්බන්තොට කලාප කාර්යාලයට මිලියන දෙසීයයි දශම හතයි තුනක්ද (200.73), වීරකැටිය කාර්යාලයට මිලියන එකසිය එකක්ද (101) වශයෙන් මිලියන තුන්සිය එකයි දශම හතයි තුනක් (301.73) යවා තිබෙනවා. එහෙත් ඉඩමෙන් ලබාගත් මුළු මුදලින් මිලියන තිස් නවයකට සිදුවූයේ කුමක්ද යන්න විමර්ශනයේදී හෙළිකර ගැනීමට නොහැකි වී ඇති බව සභාපතිවරයා සඳහන් කළා,

එසේ කලාප කාර්යාලයට ලබාදුන් මුදල්වලින්ද අක්‍රමිකතා සිදුකර ඇති අතර එකම පවුලේ හතර පස්දෙනාටම ණය ලබාදීමත්, මීට පෙර ණය ලබාගෙන ණය නොගෙවූ අයට යළි ණය දී ඊට පෙර ගත් ණය යළි අයකර ගැනීමේ ක්‍රියාවන්ද සිදුව ඇති බව වර්ත් වනවා.එසේ ණය අයකර ගැනීමේදී 5%ක කොමිස් මුදලක් එම නිලධාරීන්ට ලබාදෙන අතර ඒ ආකාරයට කල්ඉකුත් වූ ණය අයකර ගැනීමේදී ලබාදුන් කොමිස් මුදල රුපියල් මිලියන විසි දෙකකට අධිකය.

පසුව මේ සම්බන්ධයෙන් සභාපතිවරයාගේ නියෝග මත නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන අභ්‍යන්තර විගණන නිලධාරී එම්.එන්.එස්. මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය සති අන්තයේ පැමිණිලි කර තිබුණා

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements