අකමැතිනම් අපි වෙනම ඉල්ලනවා - ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කියයි
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest-News
,
News
,
side-gossip
,
SLFP
ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ඇති කරගත් එකඟතා නිසි පරිදි ක්‍රියාත්මක වන ආකාරයක් මේ වන විට පෙනෙන්නට නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.
එවැනි තත්ත්වයක් තුළ ඉදිරි මහ මැතිවරණයේදී විකල්ප කි‍්‍රයාමාර්ගයක් වෙත අවතීර්ණ වීමට හෝ වෙනම තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සිදුවනු ඇති බව එම පක්‍ෂයේ හිටපු මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා සඳහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ සන්ධානයක් යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු අනෙකුත් පක්‍ෂ සමඟ ඒකාබද්ධව තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කැමැත්තෙන් සිටින බවයි.
එකඟතා අනුව යෝජිත සන්ධානයේ නිසි තැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ලබාදීමට පොදුජන පෙරමුණේ බොහෝ දෙනෙකුගෙන් අකමැත්ත ප‍්‍රකාශ වෙමින් ඇති බවද ඔහු කියා සිටියා.
ලක්‍ෂ 15 ට වැඩි ඡන්ද පදනමක් සහිත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නිසි තැන හිමි විය යුතු බවත්, එසේ නොවන්නේනම් තනි පක්‍ෂයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වීම සිදුවන බවත් රෝහණ ලක්‍ෂ්මන් පියදාස පවසනවා.
කෙසේ වෙතත් කවර තත්ත්වයක් යටතේ හෝ මහ මැතිවරණයට ඉදිරිපත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මේ වන විට සැලසුම් සකස් කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

