Featured News

Video Gossip

Advertisement

මන්ත්‍රි රන්ජන් රාමනායක මහතා සතුව තිබී අත්අඩංගුවට ගෙන තිබෙන ගිනි අවියෙන් වෙඩි බෙහෙත් ගඳක් වහනය වූ බව රජයේ රස පරීක්ෂකවරයා එවා ඇති වාර්තාවේ සඳහන්ව තිබෙන බව කොළඹ අපරාධ කොට්ඨාසය පෙරේදා (7දා) නුගේගොඩ අතිරේක මහෙස්ත්‍රාත් එච්.යූ.කේ. පැල්පොළ මහතා වෙත දැන්වීය.

අපරාධ කොට්ඨාසය මහෙස්ත්‍රාත්වරයා වෙත ඒ බව දන්වා සිටියේ ඉහත කී ගිනි අවියට අදාළ සිද්ධිය ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමිනි. 

එකී වැඩිදුර වාර්තාව මඟින් කොළඹ අපරාධ කොට්ඨාසය කියා සිටියේ රන්ජන් රාමනායක මහතා සතුව තිබූ ගිනිඅවියෙන් වෙඩි බෙහෙත් ගඳ වහනය වීම පිළිබඳව විමර්ශන සිදුකරන බවත් එකී අවිය භාවිත කර ඇත්තේ කුමන කරුණක් සඳහාද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදුකරන බවත්ය.

තවද සැකකාර රාමනායක මහතා සතුව තිබී අත්අඩංගුවට ගත් සංවාද ඇතුළත් හඬපට කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා ඇති නමුත් ඒ පිළිබඳව රස පරීක්ෂක වාර්තාව මෙතෙක් තම අපරාධ කොට්ඨාසය වෙත ලැබී නොමැති බවත් එය ලද පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද එම අපරාධ කොට්ඨාසය සිය වැඩිදුර වාර්තාව මඟින් අධිකරණය හමුවේ වැඩිදුරටත් පැවැසීය.


තම සේවාදායකයා සතුව තිබූ ජංගම දුරකථනය හා සිම්කාඩ්පත මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේ තිබෙන බවත් එකී සිම්පතේ අංකයට සමාන සිම්පතක් තමන්ට ලබාදීමට අවශ්‍ය නියෝගයක් ලබාදෙන ලෙස සැකකාර රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණ්ඩායම අධිකරණයෙන් ඉල්ලීමක් කළ නමුත් නීතිපතිගේ අවසරයක් නොමැතිව ඊට එකඟ විය නොහැකි බවත් නීතිපතිගේ අවසරය ලබාගෙන ඒ පිළිබඳව ඊළඟ නඩු වාරයේදී අධිකරණයට කරුණු වාර්තා කරන බවද අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම්දීම හේතුවෙන් සැකකරුගේ නීතිඥයන් කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරිණි. 

නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන තිබූ සෝදිසි වරෙන්තුවක් මත ඉහත කී අපරාධ කොට්ඨාසය ඉකුත් ජනවාරි මස 4දා පස්වරුවේ මාදිවෙල පිහිටි මන්ත්‍රිවරයාගේ නිවෙස පරික්ෂා කිරීමේදී එහි තිබී ඉහත කී වලංගු බලපත්‍රයක් සහිත ගිනි අවියක් හා පතරොම් තොගයක් සමඟ මන්ත්‍රිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.

එසේ අත්අඩංගුවට ගත් මන්ත්‍රිවරයා ඉකුත් ජනවාරි මස 5දා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැරුණි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් පැමිණිල්ල මෙහෙයවූ අතර සැකකාර රාමනායක මහතා වෙනුවෙන් වසන්ත රණසිංහ, ආශා කහවත්ත යන නීතිඥවරු පෙනී සිටියහ. 

කුමුදු උපුල් ශාන්ත

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements