Advertisement

එක්සත් ජාතික පක්ෂය දෙකඩවීම වළක්වා රනිල් – සජිත් දෙපාර්ශ්වය සමඟි කරවීමට මැදිහත් වන ලෙස එම දෙපාර්ශ්වයේම නියෝජිත පිරිස් කථානායක කරු ජයසූරිය මුණ ගැසී ඊයේ (02දා) සවස ඉල්ලා තිබෙනවා.

දෙපාර්ශ්වය සමඟි වී ඉදිරි මහ මැතිවරණය තරග නොකරන්නේ නම් කිසිම පාර්ශ්වයකට තම සහාය කිසිසේත්ම ලබානොදෙන බව කථානායකවරයා එම දෙපාර්ශ්වයටම ප්‍රකාශ කර ඇති බව වාර්තා වනවා.

අනවශ්‍ය අන්දමට මතභේද ඇති කරගැනීම සිදුනොකර සමඟිය රැකගෙන එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන ලෙස හැම අවස්ථාවකදීම තමා ඉල්ලා සිටි නමුත් ඊට අවනත නොවීම නිසා අද මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වී ඇති බව මෙහිදී කථානායකවරයා දැඩි ලෙස අවධාරණය කොට තිබෙනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැරැණිම පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරි මහ මැතිවරණය තරග කිරීමට දැන්වත් තීන්දුවක් ගන්නැයි ඉල්ලා ඇති කථානායකවරයා සියලු භේද අමතක කර ඒකරාශී වීමට ඇති මේ අවස්ථාව ගිලිහී ගියහොත් යළිත් එවැනි අවස්ථාවක් උදාවනු ඇතැයි තමා විශ්වාස නොකරන බව සඳහන් කර ඇති කථානායකවරයා දෙපාර්ශ්වයම එක්වී බුද්ධිමත් තීරණයක් ගන්නා ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වනවා.

කථානායක නිල නිවෙසේ පැවැති මෙම හමුවට සජිත් පිල වෙනුවෙන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක්ද රනිල් පිල වෙනුවෙන් රවි කරුණානායක, දයා ගමගේ, අකිල විරාජ් කාරියවසම්, අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද සහභාගි වූ බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements