Advertisement

සියලුම රජයේ පාසල් අප්‍රේල් මස 20 වැනිදා දක්වා තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව පැවසුවේ අමාත්‍යාංශයේ අද (12) මාධ්‍ය හමුවක් පවත්වමිනි.

මතුව ඇති තත්ත්වය සැළකිල්ලට ගනිමින් පෞද්ගලික පාසල් සහ පංති පැවැත්වීමද නවත්වන ලෙස ඔවුන්ගෙන් ඉල්ලීමක් කිරීමට සූදානම් බවද හෙතෙම පැවසීය.

මේ සිදුවීම් සම්බන්ධයෙන් මව්පියන් අනිසි බියක් ඇති කරගත යුතු නොවන බවද එහිදී අමාත්‍යවරයා කීවේය. 

පළමු වාර නිවාඩුව ලෙස මෙම නිවාඩුව ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානමක් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements