කරාපිටියේ වෛද්‍ය රංජුකගේ තවත් සුවිශේෂි සැත්කමකින් ජිවිතයක් බේරා ගනියි [PHOTOS]
Dr Ranjuka Ubayasiri
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
වකුගඩු බද්ධ කිරිමේ සුවිශේෂී සැත්කමක් සිදුකොට ජිවිතයත් මරණයත් අතර සටනන නිරතවි සිටි යුධ හමුදාවේ විශ්‍රාමික කර්නල්වරයකුගේ ජිවිතය බේරාදිමට ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වකුගඩු හා නහර බද්ධ කිරිමේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් සමත්ව ඇත.
විශ්‍රාමික කර්නල්වරයාට වකගඩු දායිකාවකගෙන් ලැබුණු දකුණු වකුගඩුව බද්ධකොට ඇත. පැය දෙකක කාලයක් තුළ දි වකුගඩුව බද්ධ කිරිමේ සැත්කම ඉතා සාර්තකව සිදුකොට ඇත. සැත්කමෙන් පසුව ඇතිවු සංකූලතාවයක් හේතුවෙන් වකුගඩුවේ ශිරාව මැදින් පුපුරායාමට ලක්ව රුධිරය වහනය විමට පටන්ගෙන ඇත.
බිත්ති තුනි හා දුර්වලවිම නිසා මෙම තත්වය උදාවිය හැකි බව ශල්‍ය වෛද්‍යවරයාගේ අදහසයි. වහා ක්‍රියාත්මක වු විශේෂඥ ශල්‍ය වෛද්‍ය රංජුක උඹේසිරි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම රෝගියාගේ රුධිරය වහනයවිම නතරකිරිමට පියවර ගනු ලැබිය.
පසුව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා විසින් බද්ධ කරනු ලැබු වකුගඩුව ධමනියෙන් හා ශිරාවෙන් වෙන් කිරිමට කටයුතු කළේය. ඉන්පසු රෝගියාගේ පාදයේ ශිරාවක් ගෙන එය දෙකට පළා වකුගඩුවේ ශිරාවට බද්ධකොට නැවත වතාවක් වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් සිදුකරණු ලැබිය. මෙවැනි තත්වයන් දක්නට ලැබිම ඉතාම කලාතුරකින් සිදුවන්නක් බව විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයාගේ අදහසයි. යළි ශිරාව බද්ධ කිරිම නිසා රෝගියාගේ වකුගඩුව යළි ක්‍රියාත්මක තත්වයට පත්ව ඇති අතර ඔහුට යළි ජීවත්වීමට වාසනාව ලැබුණි.



