Advertisement

එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (2 ) රාත්‍රි තීරණය කර තිබෙනවා.

ලංකා ජාතික වතු කම්කරු සංගමය මෙහෙයවීමේ වගකීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉවත් කර පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක සහ වී. රාධ ක්‍රිෂ්ණන්ට භාරදීමට කටයුතු යොදා ඇති බව වාර්තා වනවා.
ලක් වනිතා පෙරමුණ මෙහෙයවීමේ වගකීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරාළ සහ චන්ද්‍රානි බණ්ඩාර ඉවත් කිරීමට නියමිතයි.

එහි වගකීම එක්සත් ජාතික පක්ෂ යාපහුව සංවිධායිකා අචිනි ලොකු බණ්ඩාරට භාරදීමට පක්ෂ නායකත්වය තීරණය කර තිබෙනවා.යොවුන් පෙරමුණ මෙහෙයවීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධනට පවරා ඇති බවයි වාර්තා වන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය මෙහෙයුම ක්‍රියාත්මක කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, රුවන් විජේවර්ධන සහ මහාචාර්ය ආශු මාරසිංහට පැවරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements