Advertisement

යළිත් වතාවක් බලය ලබා ගන්නා ආකාරය පිළිබදව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සති අන්තයේ ‌පොලොන්නරුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට පියවර ගත්තා.
එහිදී ‌සිරිසේන මහතා කියා සිටියේ තමන් පසුගිය දිනෙක අපූරු සිදුවීමක් දුටු බවත්, එහිදී දියකාවකු මාලුවකු අල්ලාගෙන කටේ තබාගෙන කෑමට සූදානමින් සිටියදී හදිසියේම ඉහළින් පැමිණි උකුස්සකු ඒ දියකාවාගේ මුවේ සිටි මාලුවා ඩැහැගෙන ගිය බවත්ය.

ඒ ආකාරයට නිසි වෙලාවට නිසි ඉලක්කයට තමන් උකුස්සෙකු සේ පහර දීමට සූදානම් බවත්, තමන්ද ගහන ගැහිල්ල උකුස්සකු වගේ නියම වෙලාවට එම ගැහිල්ල ගහන බවත් සිරිසේන මහතා ‌මෙහිදී සදහන් කළේ රැස්ව සිටි සියලු ‌දෙනාගේ අත්පොලසන් හඬ මධ්‍යයේයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මෙම ප්‍රකාශයෙන් පසු රජයේ පාර්ශ්වය සිදු වන්නේ කුමක් ද යන්න සම්බන්ධයෙන් විස්මිතව සිටින බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements