Advertisement

දිඹුලාගල සොරුවිල මාර්ගයේදි ඊයේ (12 වෙනිදා) රාත‍්‍රියේ මෝටර් රථයකින් ගමන් කරමින් සිටි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත‍්‍රික් භික්ෂු බලමණ්ඩලයේ සභාපති පැලෑටියාවේ දේවමිත්තාලංකාර හිමියන් හදිසි අනතුරකට ලක්ව අපවත් වි ඇති බව අරලගංවිල පොලිසිය කියයි.

මාර්ගයෙන් ඉවතට පැන මයිල ගසක ගැටිමේන් සිදුව ඇති මෙම අනතුරෙන් එහි රියදුරුද බරපතල තුවාල ලබා මනම්පිටිය ප‍්‍රාදේශිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සදහා පොළොන්නරුව මහ රෝහලට මාරුකර යවා ඇති බවද පොලිසිය පවසයි.
දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කල පැලැටියාවේ දේවමිත්තාලංකාර හිමියන් අපවත්වන විට 36 වන වියෙහි පසු වු අතර උන්වහන්සේ පුලතිසි පැවිදි හඩ සංවිධානයේ කැදවුම්කරු හැටියටද පලාතේ ජාතික ආගමික සමාජිය කටයුතු වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටුකර ඇති භික්ෂුවකි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම සදහා පොළොන්නරු දිස්ත‍්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව ක‍්‍රියාකාරි දේශපාලනයේ නියෙලෙමින් ජනපතිවරයා සහ අගමැතිවරයා සමග සමිපව කටයුතු කල ක‍්‍රියාකාරි තරුණ භික්ෂු නමකි.

උන්වහන්සේගේ දේහය පොළොන්නරුව මහ රෝහලේ තැන්පත්කර ඇති අතර ආදාහන පුජෝත්සවය පසුව දැනුම් දෙන බව දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ ආදාහන පුජෝත්සව කමිටුව සදහන් කරයි.

වැලිකන්ද ප‍්‍රසාත් සමන්




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements