ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ පෙරටුගාමී පක්ෂයෙන් ආරාධනා ලැබී නැහැ
ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව යම් පැහැදීමක් තිබෙනවා
රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර නැවත දිවයිනට පැමිණ තිබෙනවා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමේ අරමුණෙන් ඔහු පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට තරග කිරීමට ඔහු සුදානම් වූ අතර ඊට පොදු ජන පෙරමුණේ ප්‍රබලයෙකුගේ විරෝධය පළ වුණා.
ඒ අනුව කොළඹින් තරග කරන ලෙස ඔහුට පොදුජන පෙරමුණ සඳහන් කළ ද ගම්පහ ලබාදෙන ලෙස විදෙස් ගත වීමට පෙර ඔහු ඉල්ලීමක් කර තිබුණා.
මේ අතර තමන් ජාතිකත්වය සහ මව්බිම පිළිබඳ මතවාදය මුල් කරගෙන ශ්‍රී ලංකාවේ ඉදිරි දේශපාලන කටයුතු වල නියැලීමට බලාපොරොත්තු වන බව උවිදු විජේවීර මහතා පවසනවා.
තමන් රට වෙනුවෙන් යම් දෙයක් කළ යුතු බව සිතන අතර, ඒ සදහා තම තරුණ ජවය සහ ශක්තිය දායක කර ගනිමින් මේ වනවිට ඒ සදහා අවංක සුදුසු දේශපාලන ධාරාවක් තෝරා ගන්නා බවද කියා සිටියා.
“මට මේ සදහා ජනතා විමුක්ති පෙරමුණෙන් හෝ පෙරටුගාමී පක්ෂයෙන් ආරාධනා ලැබී නැහැ. මට ජනතා විමුක්ති පෙරමුණේ අයිතියක් නැහැ. ඒක තාත්තා හදපු ඒ පක්ෂයේ හැටි.
මම දින තුනකට රුසියාවට ගියා. මම ඒ රටේ ජාත්‍යන්තර ශිෂ්‍ය සංගමයේ සභාපති. මම ඒ වැඩවලට ගියේ. මම රුසියාවට යෑමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් හමු වී සාකච්ඡා කළා. මට මේ මොහොතේ අතිගරු ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව යම් පැහැදීමක් තිබෙනවා. ඔහු යම් සාධනීය වැඩපිළිවෙළක් රට තුළ ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ නිසා මට ඒ පිළිබඳව යම් හැගීමක් ඇති වී තිබෙනවා.” ” යැයි ද උවිදු විජේවීර සඳහන් කළා.

