Advertisement

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගැසට් නිවේදනය අද (2) මධ්‍යම රාත්‍රියේදී මුද්‍රණය සඳහා යැවීමට නියමිතය. ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව අදාළ නිවේදනය ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට යැවෙනු ඇති.

පාර්ලිමේන්තුව අද (2 ) විසුරුවා හැරියහොත් මාර්තු මස 12 ත් 19 ත් අතර නාමයෝජනා කැඳවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනයේ සිට දින 52 ක් සහ 66 ක් අතර කාලයේදී ඡන්ද විමසීම පැවැත්විය හැකියි.

ඒ අනුව ඡන්ද විමසීම අප්‍රේල් මස 22 වැනිදාට පසුව මැයි මස 4 වැනිදා හෝ එදිනට පෙර පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළා.

මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරනවා.මෙවර මහා මැතිවරණය සඳහා මේ වනවිට මූලික කටයුතු අරඹා ඇතැයිද කොමිෂන් සභාව පවසනවා.

2019 වසරේ ඡන්ද හිමි නාම ලේඛනය අනුව ඡන්දදායකයන් සංඛ්‍යාව එක්කෝටි හැට දෙලක්ෂ හැට තුන්දහස් අසූ පහකි. 2018 වසරේ ඡන්ද නාම ලේඛනයට වඩා 271,789 දෙනකු මහා මැතිවරණයේදී ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

මෙවර මහා මැතිවරණයේ විශේෂත්වයක් වන්නේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රී ධුරයක් ඉවත්වී එය බදුල්ල දිස්ත්‍රික්කයට එකතු වීමයි.

ආණ්ඩුව විසුරුවීමත් සමග රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමති තනතුරු අහෝසි වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements