Advertisement

පාස්කු ඉරිදා ප්‍රහාරයට නායකත්වය දුන් සහරාන් හසිම් ඇතුළු අන්තවාදීන් කණ්ඩායම දිවුරුම් දීමට හා ආරක්ෂිත නිවස්නයක් ලෙස භාවිත කළ ගල්කිස්ස ස්ටෑන් ටවර් නිවාස සංකීර්ණයේ සීසීටීවී කැමරා දර්ශනවල දේශපාලනඥයන් එහි ආගිය තොරතුරු විමර්ශන අතරතුර මකා දැමීමේ සිද්ධියක් ගැන ඉහළ පෙළේ පරීක්ෂණයක් ඇරඹීමට රජය තීරණය කර තිබෙනවා.

එම සීසීටීවී දර්ශන ඇතුළත් ඩී. වී. ආර්. යන්ත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ පසුව විමර්ශන යන අතරතුර ඉහළ දේශපාලන බලපෑමකින් සීසීටීවී දර්ශන මකා දමා ඇතැයි වාර්තා වනවා.
මෙම නිවාස සංකීර්ණයේ නිවාස දෙකක සහරාන් ඇතුළු කණ්ඩායම මාසයකට වඩා වැඩි කාලයක් රැඳී සිට ඇතැයි අනාවරණය වී තිබෙනවා.

මූලික විමර්ශනවලදී එහි තිබූ සීසීටීවී දර්ශන මේ වන විට නොමැති බවට ආරක්ෂක අමාත්‍යාංශයට ලද පැමිණිලි මත මේ සම්බන්ධව විමර්ශන පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඉහළ පොලිස් නිලධාරියකු හා පොලිස් නිලධාරිනියක මෙයට වගකිවයුතු බවයි වාර්තා වන්නේ.

මේ ආකාරයට කුරුණෑගල වඳ සැත්කම් සිද්ධියේ වෛද්‍ය සාෆි සහබ්දීන්ගේ විමර්ශනය අදාළ නඩු භාණ්ඩයක් වූ සීසීටීවී දර්ශන ඇතුළත් ඩීවීආර් යන්ත්‍රය (DVR) උසාවි නියෝග නොමැතිව සැකකරුටම භාර දීමෙන් පසුව වීඩියෝ දර්ශන මකා දැමූ සිද්ධියක ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයකුව සිටි බී. එස්. තිසේරාද ඊයේ (29) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements