එජාපය දෙපිලකට බෙදීම හේතුවෙන් මෙවර මැතිවරණයේදී එකම පිළක සිටි අය දැඩි අර්බුධයකට මුහුණ දි ඇති බව වාර්තා වෙනවා. ඒ එකම පිළක සිටි පිරිසක් පක්ෂ දෙකකින් තරග වැදීම හේතුවෙන් මැතිවරණයේදි ජන්ද දෙපිලකට බෙදී යාම හේතුවෙනි.
ජාතික තරුණසේවා සභාවේ හිටපු සභාපති එරන්ද වැලිඅංගේ මහතාද එවැනිම අර්බුධයකාරී තතවයකටමුහනාපා දී ඇති බව වාර්තා වනවා.
ඒ රනිල් වික්‍රමසිංහ ඇසුරේ හැදි වැඩුනු ඔහු සජිත් පාර්ශවය වෙත පිම්මක් පැණිම හේතුවෙනි.
එකල එජාපයේ තරුණ පිරිස් ඔහු හැදින්වූයේ පොඩි අගමැති ලෙසිනි. ඒ පක්ෂය තුල ඔහු හැසිරැනු ආකාරය නිසා බව පැවසේ.
මේ වන විට වැලිඅංගෙ මහතා සජිත් පාර්ශවයෙන් තරග වැදීම නිසා ඔහුගේ හෝමාගම එජාප ආසන සංවිධායක ධූරයෙන්ද ඉවත්කොට එය දයා ගමගේ මහතාට ලබාදීමට කටයුතු යොදා ඇති බව වාර්තාවෙනවා. ඒ නිසා ඔහුගේ හෝමාගම ආධාර කරුවන්ද ඔහුගෙන් මේවන විට ඉවත් වෙමින් සිටින බවද වාර්තා වෙනවා.
එම නිසා පසුගියදා යම් සිදුවිමක් ඇතිවී තිබෙනවා. ඒ කතාව මෙසේය.
පසුගියදා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ සමගි ජන බල වේගයේ මැතිවරණමෙහෙයුම් කාර්යාලය විවෘත කරණු ලැබුවා. එවිට වැලිඅංගෙ මහතාට තමා හෝමාගම එජාප ආසන සංවිධායක ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු යොදා ඇතිබව දැන ගන්නට ලැබී තිබෙනවා.
පසුව දෙලොව රත්වුන වැලි අංගෙ මහතා කවින්ද ජයවර්ධන මහතාද කැටුව සැනින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාව මුන ගැසිම ගොස් තිබෙනවා. ඒ දයා ගමගේ මහතාට හොමාගම එජාප ආසන සංවිධායක ධූරය සහ අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙස ඉල්ලීම කරමිනි.
වෙදා මෙන් නොව දුටු සැනින් ‘‘ අයිසේ තමුසෙ වගේ කෙලෙහි ගුණ නොදත් මිනිහෙක් ... ගිහින් සජිත්ටම කියනවා.. දින්නොත් හෝමාගම මිනිස්සුන්ට හර හරියට සලකනවා යනුවෙන් වැලිඅංගෙ මහතාට සිතාගත නොහැකි ආකාරයේ ප්‍රකාශයක් රනිල් වික්‍රමසිංහ මහතා එල්ල කල තිබෙනවාග පසුව රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයින් වැලිඅංගෙ මහතා එතැනින් ඉවත් කිරිමට කටයුතු යෙදූ බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කලා.
කෙසේ නමුත් වැලිඅගෙ මහතාගේ කොටි ගණනක දූෂන වංචා ගැනද මේ දිනවල සමාජ මාධ්‍ය තුල සංසරනය වෙමින් පවතිනවා.

