Advertisement

සැමියා වෙඩි තබා ඝාතනය කරන බවට ළාබාල සුරූපී බිරිඳ බියපත්කොට, ඇයව නිවසින් පිටතට කැඳවා පැහැරගෙන ගොස් ඇය පැළඳ සිටි රුපියල් දස ලක්‍ෂයක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකා ඇය අතරමංකොට පලාගිය බව කියන ‘‘වෙස්මුහුණු කල්ලියේ’’ ප‍්‍රධානියා කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පො.ප. ශ‍්‍රීනික ජයකොඩි මහතා ඇතුළු එහි අපරාධ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කොල්ලය පෙරේදා (29 දා) රාත‍්‍රී සිදුකර ඇත. කොල්ලයට ලක්වූ 23 හැවිරිදි සුරූපී කත කොච්චිකඬේ පෝරුතොට මුස්ලිම් ගම්මානයේ පදිංචි එක්දරු මවකි.

මෙම පැහැර ගැනීම සිදුවූ දින රාත‍්‍රී එම කාන්තාවට දුරකථනය මගින් තර්ජනය කර ඇත්තේ, ඇගේ සැමියා වෙඩි තබා ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බවයි. එය වළක්වා ගැනීමට අවශ්‍ය නම් වහා නිවසින් පිටතට පැමිණෙන ලෙස ඇයට තර්ජනය කර ඇත.

ඇය නිවසින් පිටතට පැමිණි වහාම වෙස් මුහුණු පැළඳි කල්ලියක් විසින් ඇයව වාහනයක දමාගෙන පැහැරගෙන ගොස් ඇත. වාහනය තුළදී එම කාන්තාවට අඬම්තේට්ටම් කර, ඇය පැළඳි රන් ආභරණ සියල්ල කොල්ලකා ඇයව අතරමඟ දමා පලාගොස් ඇත.

ඇයට ලක්වූ ශාරීරික පීඩාවන් හේතුවෙන් ඇය ප‍්‍රතිකාර සඳහා රෝහල් ගත වී ඇත. ඉන් අනතුරුව සිදුකළ විමර්ශනයේදී කොල්ලකෑම සිදුකළ වෙස් මුහණු කල්ලියේ ප‍්‍රධානියා වන කොච්චිකඬේ පෝරුතොට පදිංචි මොහොමඞ් ෆවුසර් නමැති 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇත. අනෙක් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පැවැත්වේ.

මෙහි සැකකරු මීගමුව වැඩබලන මහෙස්ත‍්‍රාත් ප‍්‍රීමාල් අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට ඇප ලබාදීම ප‍්‍රතික්ෂේප කළ මහෙස්ත‍්‍රාත්වරයා සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති පො.ප. ශ‍්‍රීනික ජයකොඩි මහතාගේ අධීක්‍ෂණය මත සරුයන් වරුන් වන (33544)  කරුණාරත්න සහ (40290)  රුවන් යන නිලධාරීන් විසින් විමර්ශන පවත්වති.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements