ගීතා කුමාරසිංහ මට මොනව කිවුවත් මම ගනන් ගන්නෙ නෑ - ඩිල්ෂාන් ප්‍රථම දේශපාලන මාධ්‍ය හමුවට ඇවිත් කියපු දේ
gossip
,
gossip lanka
,
gossip lanka hot
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Politics
ක්‍රිකට් වලින් රට වෙනුවෙන් ලෝකය ජයගත් ආකාරයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රට සුරක්ෂිතව ගොඩනැගීමේ හා සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට ශක්තියක් වී රටත් ජනතාවත් දිනවීමට ගාල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තු මහමැතිවරණයට තරඟ කිරීමට තීරණය කළේයයි, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන් දේශපාලනයට පිවිසිමට තීරණය කිරීම සම්බන්ධයෙන් බෙන්තොට දී පැවති ප්‍රථම මාධ්‍ය හමුවට සහභාගිවෙමින් පසුගිය 2දා එසේ පැවසීය.
ගීතා කුමාරසිංහ සංවිධායකතුමිය මගේ පැමිණීම සම්බන්ධයෙන් කුමණ අන්දමේ ප්‍රතිචාරයක් දැක්වූවත්, සහාය නොදක්වන බවට කතා ඇසුනත් මගෙන් එතුමියට සහයෝගය ලබාදිය යුතු අවස්ථාවක් ආවොත් මම මගේ සහයෝගය එතුමියටත් ලබාදෙනවා. මගෙන් මාධ්‍ය අහනවා ක්‍රිකට්වලින් රට දිනූ සනත් ජයසූරියත් ඔයවගේම දේශපාලනයට ආවා. පාර්ලිමේන්තුවට ගියා. ක්‍රිකට් වලින් දිනපු දිනිල්ල වගේ රටේ ජනතාව දිනවන්නට හැකි උනාද ? කියා. මට කියන්න තියෙන්නේ සනත් ජයසූරිය හිතන විදිය එකවිදියක් තිලකරත්න ඩිල්ෂාන් හිතන්නේ තවවිදියක්. මම මුළුමනින්ම හිතන්නේ ක්‍රිකට්වලින් ජනතාවගේ සතුටේ බලාපොරොත්තු දිනෙව්වා වගේම දේශපාලන ගමනින් රටේ ජනතාවගේත් සතුටත් බලාපොරොත්තු දිනවන්නටයි. එකට දැනටමත් සැලසුම් සකස්කර තිබෙනවා.
ප්‍රාදේශිය මාධ්‍යවේදීන්ගේ කරපිටින් පාර්ලිමේන්තුවට යන බොහෝ අය පාර්ලිමේන්තුවට ගිය පසු සියල්ල අමතක කරදමා තටු සිඳුනු පසු ප්‍රාදේශිය මාධ්‍යයවේදීන් හමුවට ඒමට මතක්වන දේශපාලකයෙක් වෙනවද? යනුවෙන් යන යන තැන අසෙන කාරණය මට අදාල වන්නේ නෑ. කියන එක මේ හිතවත් මාධ්‍යවේදි ඔබතුමන්ලා හැමකෙනෙක්ම දන්නවා. මා ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වයට පත්වූවාට පසු මාධ්‍යවේදීන් සමග කටයුතු කළ ආකාරය ඒකට සාක්ෂියක් යැයි ද ඔහු කියා සිටියේය.
ගාල්ල - කමල් විජේහේවා

