Featured News

Video Gossip

Advertisement

‘‘සීනියර්ස්ලා පැවිලියන් එක උඩ බිබී ඉඳලා මගේ මල්ලිටයි, එයාගේ යාළුවටයි කියලා වතුර ගෙනැත් දෙන්න කියලා
මල්ලි ජීවත් වුණත් හදිසි කෝමා, ශරීරය සමබරතාව නැතිවන ආකාරයේ


''මගේ මල්ලි විශ්වවිද්‍යාලයට ආවේ පුදුම පීඩනයක් විඳලා. අපේ අම්මා පිළිකාවකින් නැතිවෙලා මාසයක් යන්න කලින් මල්ලි උසස් පෙළට මුහුණ දීලා ඒ විභාගය උසස් විදිහට පාස්වෙලා ජයවර්ධනපුර මැනේජ්මන්ට් ෆැකල්ටියට ආවා. ඒත් මල්ලි අද ඉන්නේ ජීවත් වෙයිද නැද්ද කියලා විශ්වාසයක් නැති තැනක. මල්ලිත් එක්කම ඉන්න කවුරු හරි ළමයෙක් කරපු මේ වැඩේ නිසා මගේ මල්ලිගේ සම්පූර්ණ ජීවිතයම විනාශ වෙනවා’’ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසර ශිෂ්‍ය පසිඳු හිරුෂාන්ගේ වැඩිමහල් සොහොයුරා වන ලක්ෂාන් සිල්වා පැවසීය.
විශ්වවිද්‍යාලයේ නවක වධය ලබාදෙන කාලසීමාව අවසන් වූ පසුව ඉකුත් 05 වැනිදා රාත්‍රියේ ජයවර්ධනපුර සරසවි භූමියේදී පැවැත්වූ උත්සවය අතරතුරදී මුහුණ දුන් අනතුරක් නිසා පසිඳු හිරුෂාන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබයි. පසිඳුගේ වැඩිමහල් සොහොයුරා පවසන ආකාරයට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාගාරය පහත මහලේ පසිඳු හිරුෂාන් සමග ඔහුගේ මිතුරෙකු සිට ඇත. ඉහළ මහලේ මත්පැන් පානය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් විශාල ප්‍රමාණයේ වාහන ටයරයක් පසිඳුගේ හිසට අතහැර ඇත. එය හිසේ වැදී මුණින් අතට වැටුණ පසිඳුගේ හිස අසල තිබූ කණ්ඩියක වැදී හිස්කබල ඇතුළතින් පුපුරන තරමේ ආබාධයකට ලක්ව ඇත. පසිඳුගේ සොහොයුරා කියා සිටින්නේ තම සොහොයුරාගේ ජීවිතය දැඩි අවදානමක ඇති බවට වෛද්‍යවරුන් පැවසූ බවයි.


‘‘සීනියර්ස්ලා පැවිලියන් එක උඩ බිබී ඉඳලා මගේ මල්ලිටයි, එයාගේ යාළුවටයි කියලා වතුර ගෙනැත් දෙන්න කියලා. මල්ලිලා ඒක දීලා බෝඩිමට යන්න හදද්දි මල්ලිලාට සීනියර්ස්ලා ඉන්න කියලා. ඒකට බැහැ කියලා ආපු නිසා තමයි ටයර් එක උඩ ඉඳන් ඇඟට වදින්නම අතෑරල තියෙන්නේ’’ පසිඳුගේ සොහොයුරා පැවසීය.

‘‘එතැන හිටපු මල්ලිගේ යාළුවෙක් කිව්වා ඔළුව වැදුණ ගමන් මල්ලි එක සැරයක් නැගිටලා අනේ මගේ ඔළුව රිදෙනවා කියලා සිහිය නැතුව වැටුණා කියලා. එවෙලේ ඉඳන් තාම සිහිය නැහැ. මල්ලි දැනට ඉන්නේ යන්ත්‍රවල ආධාරයෙන්. දොස්තරලා කියන්නේ මේ මැෂින් කවදා වෙනතුරු අවශ්‍ය වේවිද දන්නෙ නැහැ කියලා. මල්ලි ජීවත් වුණත් හදිසි කෝමා, ශරීරය සමබරතාව නැතිවන ආකාරයේ තත්ත්වයට මල්ලි අනිවාර්යයෙන්ම පත්වෙනවා කියලා’’ යැයි තම සොහොයුරාට සිදුවූ මෙම හදිසි විපත දරාගත නොහැකිව පසිඳුගේ සොහොයුරා අපට පැවසීය.

දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලක පසිඳු බාලයා වන අතර වැඩිමහල් සොහොයුරිය නීතිඥවරියකි. සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදුවේ. පසිඳුගේ සොහොයුරා කියා සිටියේ තම සොහොයුරාට සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ කිසිදු සහයෝගයක් නොලැබෙන බවයි. මෙවැනි සිදුවීමක් සිදුවූ බවක්වත් නොදන්නා සේ ජ්‍යෙෂ්ඨ සිසුන් හැසිරෙන බවද ඔහු කීවේය.



කලණ වීරසිංහ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements