Advertisement

පසුගිය රජය කාලයේ රටතුල කිසිම වැඩක් සිදු නොවුණේ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අතර තිබූ කඹ ඇදිල්ල නිසා යැයි අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ  (01) පොලොන්නරුවේදී ප්‍රකාශ කළේය.

ඒ කඹ ඇදිල්ල නිසා රටේ සංවර්ධනය ආපස්සට ගිය බව කී අගමැතිවරයා රටක් සංවර්ධනය කිරීම සඳහා ජනාධිපතිවරයාත් පාර්ලිමේන්තුවත් එක පැත්තක තිබිය යුතු යැයිද කීය.

අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව ප්‍රකාශ කලේ සෞභාග්‍යයේ දැක්මෙන් ගොඩ නැඟෙන අනාගත පොලොන්නරුව සංවර්ධන සැලැස්ම එළිදැක්වීම නිමිත්තෙන් පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති උත්සව සභාව අමතමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා මෙසේද කීය.“රටක් සංවර්ධනය කරන්න නම් ජනාධිපතිවරයාත්, පාර්ලිමේන්තුවත් එක පැත්තක තිබෙන්නට ඕනෑ. පාර්ලිමේන්තුව පස්සට අදිනවා නම් ජනාධිපතිවරයාට ඉස්සරහට යන්න බෑ. ජනාධිපතිවරයා පස්සට අදිනවා නම් පාර්ලිමේන්තුවට ඉදිරියට යන්න බෑ. අපි ඒක දැක්කා. අපි අත්දැකීමෙන් දැකලා තියෙනවා.

පසුගිය අවුරුදු 5 තුළ වැඩක් කෙරුනේ නැත්තේ, රට තුළ වැඩක් සිදු නොවුණේ පසුගිය ආණ්ඩුව තුළ අගමැති සහ ජනාධිපති අතර තිබුණ කඹ ඇදිල්ල... ඒ කඹ ඇදිල්ල නිසා රටේ සංවර්ධනය ආපස්සට ගියා. රටේ සංවර්ධනය ඉදිරියට ගෙනියන්න බැරි වුණා. ජනතාව මේ ගැන අවබෝධයෙන් ඉන්නේ. වගකීමක් අපිට තිබෙනවා. වගකීමක් ඔබට තිබෙනවා. අපි ජනාධිපතිවරයෙක් පත්කර ගත්තා. ජනාධපතිවරයාත් එක්ක ශක්තිමත් ආණ්ඩුවක් අපි පිහිටුවා ගන්න ඕනෑ. ඒ ආණ්ඩුව පිහිටුවන්න ඕනෑ. කිසිදේකට නෙවෙයි ජනාධිපතිවරයා එදා දුන්නු පොරොන්දු ටික ඉටු කිරීම සඳහා. සෞභාග්‍යයේ දැක්ම තුළින් මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්න ඕනෑ නම් පාර්ලිමේන්තුව අපි අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන්න ඕනෑ. තුනෙන් දෙකක බලයක් අපි ලබාගතයුතුව තිබෙනවා.” යැයි පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements