පාසල් දැරියකට මාස 07ක් ලිංගික අතවර කළ පාසල් සිසුන් හත් දෙනාට වෙච්ච දේ
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
හතුන් හැවිරිදි පාසල් දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පාසල් සිසුන් 07 දෙනකු මෙම 16 වැනි දිනතෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය නියෝග කළා.
18 හැවිරිදි වියේ පසුවන සැකකාර පාසල් සිසුන් 07දෙනා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.
ෙ
මෙම සැකකාර පාසල් සිසුන් විසින් ඉකුත් මාස 07ක කාලයක් පුරා අදාළ දැරිය විවිධ ස්ථානවලට රැගෙන ගොස් වරින් වර ලිංගික අතවර කර තිබෙන බව විමර්ශනවලදී හෙළි වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීහු අධිකරණය වෙත දන්වා සිටියා.
මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (2 වැනිදා) හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පැවැති අතර එහිදී අතවරයට පත් දැරිය විසින් සැකකරුවන් හත්දෙනා හඳුනාගනු ලැබුවා. ඒ අනුව සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියම කළා.

