Advertisement

ඉදිරි මැතිවරණය සඳහා තරඟ කරන ආකාරය තීන්දු කිරීම සඳහා ඊයේ දින පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ද එකඟතාවකින් තොරව අවසන් වී ඇත.

එහිදී පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරය විසින් තීන්දු කර ඇත්තේ අලියා ලකුණ යටතේ තරඟ කිරීමටයි.

නමුත් සුළුතර පිරිසක් වන සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී කණ්ඩායම පවසා ඇත්තේ නව සන්ධානයක් බැවින් තරග කළ යුත්තේ දුරකථනය ලකුණ යටතේ බවයි.
නමුත් බහුතරය නියෝජනය කරන පාර්ශවය දැඩිව කියා ඇත්තේ අලියා ලකුණ යටතේ තරග කළ යුතු බවයි.

මේ තත්ත්වය මත සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී පාර්ශවය වෙනම තරග කිරීමට තීන්දුකර ඇති බව ද වාර්තා වෙයි.

නව සන්ධානය සදහා හංසයා ලකුණ ලබාදීම සඳහා එම පක්ෂයේ හිමිකාරිත්වය දරන රවි කරුණානායක මහතාගේ පාර්ශ්වය දැඩි කොන්දේසි ඉදිරිපත් කිරීම හේතුවෙන් එය ද නොකෙරෙන තැනකට පත්වී තිබින.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements