Advertisement

නෙළුම් පොකුණ රඟහලේ දී අද (2 ) පැවැත්වෙන සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය​ට පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය සහභාගි නොවීමට තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ඊ​යේ (1) පස්වරුවේ පැවැති එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගේ සාකච්ඡාවකදී මෙම තීරණය ගනු ලැබුවා.

මාස දෙකකට පෙර පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමකදී සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාව ලබාදෙන ලෙස දැනුම් දී ඇති නමුත් මෙතෙක් ව්‍යවස්ථාව ලබාදී නොමැති හෙයින් පක්ෂයක් ලෙස මෙම තීරණය ගැනීමට හේතු වී ඇති බව වාර්තා වනවා.

සමගි ජන බලවේගයේ ලකුණ පිළිබඳ ගැටලුව නොවිසඳීම තවත් හේතුවක් වෙයි.

කෙසේ වෙතත් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන පිරිසට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනීමටද මෙහිදී තීරණය කර තිබෙනවා.ඉදිරි මහ මැතිවරණයට ‘අලියා’ ලකුණෙන් ඉදිරිපත් වීමටද මෙම සාකච්ඡාවේදී තීන්දු කරනු ලැබුවා.

මහ මැතිවරණයේ අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නාම​ යෝජනා මණ්ඩලය ඊයේ (1 වැනිදා) සිට රැස්වී සිය අපේක්ෂකයන් තේරීමද ආරම්භ කර තිබෙනවා.

මේ අතර සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් සමගි ජාතික බලවේගය නිල වශයෙන් එළි දැක්වීමේ උත්සවය පැවැත්වෙන අද (2 ) දිනයේ එම වේලාවටම එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිත රැස්වීමක් කැඳවීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා. සිරිකොත වාර්තා සඳහන් කරන ආකාරයට එජාප නායකයා මෙම රැස්වීම පිළිබඳ තීරණය පළාත් පාලන නියෝජිතයන්ට දැනුම් දී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේදීයි.

එසේම නව සන්ධානය එළිදැක්වීමේ උත්සවය පැවැත්වෙන වේලාවට සමගාමීව පෙරවරු 10.30 ට එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් විසින්ම එජාප මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් කැඳවා තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements