Advertisement

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් වැලිකන්දේ පාසලකට යමින් සිටි සිසුවියකට (04) දින උදෑසන බලහත්කාරයෙන් ටොපියක් කැවීම නිසා රෝගාතුරවූ එම සිසුවිය වැලිකන්ද රෝහලට ඇතුලත් කල බව පොලිසිය පවසයි.

මෙසේ රෝගාතුරව ඇත්තේ වැලිකන්ද ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි පාසැල් සිසුවියක බව වැලිකන්ද පොලිසිය පවසයි. පොලිසිය කල විමර්ශන අනුව මෙම සිසුවිය සුපුරුදු ලෙස පාසල වෙත ගමන් කරමින් සිටියදි යතුරු පැදියකින් පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ එහි ටොපියක් දිගු කර එය කන ලෙස සිසුවිය බිය ගන්වා තිබේ. 

ඒ අනුව සිසුවිය විසින් ටොපිය කා දමා පසුව පාසලට දිව ගොස් ටොපිය කෑමෙන් පසු බඩ රිදෙන බව ගුරුවරුන්ට පවසා ඇත. ගුරුවරු විසින් විදුහල්පතිවරයා දැනුවත් කිරිමෙන් පසු වහාම සිසුවියගේ දෙමාපියන් කැදවා සිද්ධිය දෙමාපියන්ට පවසා තිබේ. ඉන් පසු දෙමාපියන් විසින් දරුවා වැලිකන්ද රෝහලට ඇතුලත් කර ඇත. 

සිසුවිය මේවන විට වැලිකන්ද රෝහලේ නේවාවාසිකව ප්‍රතිකාර ලබන බව වැලිකන්ද පොලිසිය පවසයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements