Advertisement

රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක්ද සිරිකොතේදී පවත්වා ඇති අතර එහිදී හිටපු පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඉතාමත් සංවේදී ලෙස අදහස් දැක්වූ බව වාර්තා වනවා.
ශාන්තිනීගේ දෑස්වලින් වරෙක කඳුළු ගුළි රූරා වැටෙනු දැකගත හැකි වූ බවයි එහි සිටි සංවිධායකවරු සඳහන් කළේ.

‘බලන්න සර් අපිට දැන් වෙලා තියෙන් දේ. මම මේ පක්‍ෂය වෙනුවෙන් අවුරුදු 30ක් වැඩ කළා. අපි කවදාවත් පාර්ලිමේන්තු යන්නේ නැද්ද? මොකක් හරි දෙයක් ළඟට එද්දි පක්‍ෂය ඇතුළේ අර්බුදයක් ඇති වෙනවා. බලන්න දැන් මගේ හැටි. මගේ කොණ්ඩෙ සුදු වෙලා. මම දැන් නාකි වෙලා. පක්ෂෙ වැඩවලට ගිහින් මම ලක්‍ෂ 70ක් විතර ණයවෙලා. පසුගිය ජනාධිපතිවරණය කළේ දුවගෙ වෙඩින් එක කරන්න ඉතුරු කරගෙන හිටපු සල්ලිවලින්. මේ කරන වැඩවලින් වෙන්නෙ අපි විනාශ වෙන එක විතරයි.’ යනුවෙන් කියමින් ශාන්තිනී අදහස් දක්වද්දී මුළු සභාවම ‘හ්ම්’ සද්දයක්වත් නැති ගානට නිශ්ශබ්ද වී සිටිනු දැකගත හැකි වූ බව වාර්තා වනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements