Advertisement

2015 ජනවාරි නවය දින සිට මහින්ද රාජපක්ෂව දේශපාලන පොළවේ නැවත දෙපයින් සිට ගැනීම වෙනුවෙන් කොන්දේසි විරහිතව කැප කිරීමක් කල සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන්ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් පයින් ගසා තිබේ. ඒ කැලුම් ජයසුමන නම් ප්‍රභල ෆේස්බුක් ක්‍රියාකාරියාට නාම යෝජනා ලබා නොදීමෙනි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කල කැලුම් ජයසුමන එම පක්ෂයේ තිබූ අනන්ත මගඩි වලට එරෙහි වී පක්ෂයෙන් අයින්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමත් සමඟ එහි නායක විමල් වීරවංශ හා සාමාජිකයෝ කැලුම් ජයසුමන සමඟ වෛර බැදගත් බව නොරහසකි.
ජානිපේ ප්‍රභල සාමාජික මුසම්මිල් කැලුම්ගේ ඇබෑර්තුවට කුරුණෑගලට යැව්වද එයද අසාර්ථක වූයේ සියළු ජානිපේ සාමාජිකයින් ඒ වන විටත් කැලුම් ජයසුමන වටා රොද බැද සිටි බැවිනි. මුසම්මිල් නැවත කොළඹට ගෙන්නාගත් විමල්, තවත් පුද්ගලයෙක් කුරුණෑගලට යැව්වද එයද අසාර්ථක වුනේ පෙර කරුණ නිසාමය.

කුරුණෑගලින් තම අපේක්ෂකයෙකුට ඉඩක් නොමැත්තේ කැළුම් ජයසුමන නිසා බව දැනගත් විමල්, මෙම මැතිවරණයේදී පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට දමා ඇති ප්‍රධානතම නිර්ලජ්ජිත කොන්දේසිය වී ඇත්තේ කැලුම් ජයසුමනට නාම යෝජනා ලබා නොදීමය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ට සැමදා හිතවත්ව සිටි සහ කොන්දේසි විරහිතව කැපවුණු කැලුම් ජයසුමන වෙත නාම යෝජනා ලබා දීමට නොහැකි වීම පිළිබඳව පැසුතැවිලි වෙමින් සිටී.

විමල්ගේ මේ කුහක ක්‍රියාව මේ වනවිටත් සමාජ ජාල ක්‍රියාකාරීන්ගේ දැඩි නොසතුටට හේතු වී ඇති අතර එය සමස්ත කඳවුර තුල විශාල ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වෙන බව ස්ථිරය.

(විශේෂ වාර්තාකරුවෙක් විසිණි)

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements