Advertisement

මෙම මස 15 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාවේ සිට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තහනම් කිරීමට ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කළ බව එහි සභාපති උපුල් ධර්මදාස සඳහන් කර සිටිනවා.
කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් අනුව මෙම තීරණයට එළඹී බවයි සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ඒ අනුව මෙම ගුවන් යානා සඳහා වන තහනම අනිද්දා (15) වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට මේ මස 29 වෙනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

මේ අතර හෙට සිට දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් යානා පැමිණීම අත්හිටුවීමට ශ්‍රී ලංකා බලධාරීන් තීරණය කරනු ලැබුවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා කියා සිටියේ මේ වන විට රටවල් 11 කට ශ්‍රී ලංකාවට ගුවන් ගමන් තහනම් කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සියලු ගුවන් ගමන් සේවාවන් දැනුවත් කර ඇති බව ඔහු කියා සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements