Advertisement

ප්‍රංශයේ ගුවන් යානා රැගත් නෞකාවක සේවයේ නියුතු නාවිකයින් 600 කට අධික පිරිසකට කොරෝනා වෛරසය වැලදී ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

Charles de Gaulle’s නම් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන මෙම නෞකාවේ නාවිකයින් 1,767 දෙනෙක් සේවයේ නියුතුව සිටින අතර ඉන් 668 දෙනෙක්ට කොරෝනා වෛරසය ආසාධනයවී ඇත.

බෝල්ටික් මුහුදේ පැවති නාවික අභ්යාසයකට එක්වී සිටි මෙම නෞකාව බලාපොරොත්තු වුවාට වඩා සති දෙකකට පෙර යලි ටුලෝන් වරායට පැමිණීමට සිදුවූවා. ඒ එම අභ්‍යාසය අතර වාරයේදී නෞකාවේ සිටි නාවිකයින් 40 දෙනෙක් පමණ කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන්.

මෙම නාවිකයින් සියලු දෙනාම නෞකාව තුලදීම කොරෝනා වෛරසය සඳහා වූ වෛද්‍ය පරීක්ෂණයට ලක් කළ අතර ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල ගුවන් මගින් ගෙන එනු ලැබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බෝල්ටික් නාවික අභ්‍යාසයට පෙර මෙම නෞකාව නැගෙනහිර මධ්‍යධරණි මුහුදේ ස්ථාන ගත කර තිබුණා. ඒ IS සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් සඳහා ප්‍රහාරක ආධාර ලබා දීමේ අරමුණින් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටියේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements