බේරුවල කොරෝනා දරුණු වෙද්දී PHI 10ක් රාජකාරිවලින් ඉවත් වෙලා
gossip
,
gossip lanaka
,
gossip lanka 99
,
Gossip Lanka News
,
Gossip-Lanka
,
hiru gossip
,
Latest News
,
mini-gossip
,
neth gossip
,
News
,
PHI
,
Sri lanka
,
web gossip
බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ සේවය කරන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දස දෙනෙකු බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සමග ඇති වූ මත ගැටුමක් නිසා ඊයේ (15) උදෑසන සිට කොරෝනා සෞඛ්‍ය සේවා රාජකාරීවලින් ඉවත් වී තිබෙනවා.
මෙම නිලධාරීන් දසදෙනා ඊයේ උදෑසන කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයට පැමිණ එහි සේවයට වාර්තා කළ බව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ උසස් නිලධාරීයෙක් සඳහන් කළා.
බේරුවල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ, කළුතර මහජන සෞඛ්‍ය පරීක්ෂක ජයනාත් යන මහත්වරුන් ස්ථාන මාරු කිරීම් නිසා ඊට විරෝධය පළකිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම තීරණය ගෙන ඇතැයි ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ප‍්‍රකාශකයෙක් පැවසුවා.
ඊයේ බේරුවල මහ පල්ලියේදී පුද්ගලයන් 64 දෙනෙකු පරීක්ෂා කර ඔවුන්ගේ පීසීආර් පරීක්ෂණ ගැනීමට නියමිතව තිබූ අතර ඇති වී ඇති තත්ත්වය මත එම පරීක්ෂණ කටයුතු අඩාල වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසනවා.
මේ පිළිබඳ කළුතර දිසා ලේකම් යූ. ජී. සී. ජයලාල් මහතාගෙන් විමසූ විට පවතින ගැටලූ සහගත තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයට දන්වා ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ පිළිබඳ තීරණයක් ගනු ඇතැයි තමා විශ්වාස කරන බවද ඊයේ පුවත්පත් මාධ්‍යවේදියෙකුට සඳහන් කර තිබුණා.

